දේශීය පුවත්

කවර මොහොතක දී හෝ ලෝකයේ න්‍යෂ්ඨික යුද්ධයක් ඇතිවීමේ අවදානමක් ඇති බවත්, එසේ වුවහොත් මානව ශිෂ්ටාචාරයේ අවසානය එමගින් ආරම්භ වන බවත් ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(24) දින කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පුස්තකාල සහ ප්‍රලේඛන සේවා ශ්‍රවනාගාරයේදී පැවති ‘ලෝකයේ අර්බූදය සහ අපේ අර්බූදය‘  නව ගෝලීය ප්‍රවනතා තුළ ශ්‍රී ලංකාවේ ඉරණම පිළිබඳ විද්වත් සාකච්ඡාවට එක් වෙමිනි.

2022 ඔක්තෝබර් 6 වැනිදා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුවූ බිලියනපති ව්‍යාපාරිකයන් පිරිසක් හමුවේ අමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත්තේ ‘කල්ප විනාශයක් අභිමුව‘ සිටින බව යැයි ද, 2023 එක්සත් ජනපදයේ ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ව ඇති ලිපි පෙළකින් දක්වා ඇත්තේ ඊළඟ යුද්ධයට කෙසේ සූදානම් වියයුතු ද යන්න බව මොහාන් සමරනායක මහතා මෙහිදී හෙළිදරව් කරන ලදී.

යුක්‍රේනය භූමිය වශයෙන් භාවිතා කරමින් එක්සත් ජනපදය, නේටෝව හා බටහිර යුරෝපය මගින් රුසියාවට එරෙහිව සිදුකරන යුද්ධයෙන් ඉගෙනගත් පාඩම් ඊළඟ යුද්ධයේ දී භාවිතා කළ යුතුය යන්න මෙමගින් පෙන්වා දී ඇති බවත්, ඊළඟ යුද්ධය ලෙස ඔවුන් පවසන්නේ යුක්‍රේනය භූමිය වශයෙන් භාවිතා කළ ලෙසම තායිවානය භූමිය වශයෙන් භාවිතා කරමින් චීනයට එරෙහිව මෙහෙයවන යුද්ධය බවත් ඒ මහතා මෙහිදී හෙළි කළේය.

IMF ගිවිසුම හරහා ජනතාවට මෙරට සම්පත් පිළිබඳව ඇති ස්වෛරී අයිතිය අහෝසිවන බව මෙරට විද්වතුන් යැයි පවසන පිරිස් පවා වටහා නොගත් බවද, දැන් සිදුවී ඇත්තේ එය බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ලෝකයේ ඇතිවී තිබෙන මෙම අර්බුද ගැන මෙරට තුළ කථිකාවක් නිර්මාණය වී නොතිබීම මත අද මෙරට මළ රාජ්‍යක් බවට පත්වී ඇතැයි ද මොහාන් සමරනායක මහතා මෙහිදී පැවසීය.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More