දේශීය පුවත්

ගම්පහ, කලගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි නිවසක පිටුපස තිබූ දර මඩුවක ටී 56 වර්ගයේ ගිනි අවි සහ ක්ලේමෝ බෝම්බයක් ඇතුළු ආයුද සහ පුපුරණ ද්‍රව්‍ය සගවා තබා එම අවි සහ පුපුරණ ද්‍රව්‍ය හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන්ට අයත් යැයි කියමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා නීතිපති උපදෙස් මත ගම්පහ මහේස්ත්‍රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය එම චෝදනාවලින් නිදහස් කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, උප පොලිස් පරීක්ෂක සුගත් මෝහන මෙන්ඩිස්, විශ්‍රාමික උප පොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක සහ විදේශගතව සිටින හිටපු පොලිස් පරීක්ෂක ඒඩ්‍ර්‍යන් නිශාන්ත සිල්වා යන සැකකරුවන් සිව් දෙනා මෙසේ නීතිපති උපදෙස් මත එම නඩුවෙන් නිදහස් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More