දේශීය පුවත්

ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර වසර දොළහකට වැඩි කාලයක් එම ආයතනයේ සේවය කර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය වී තිබේ.

මෙම නිලධාරියා විවිධ චෝදනා සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී වැඩ තහනමට ලක්ව ඇති බවත් මෙසේ වැඩ තහනමට ලක්ව සිටි කාල සීමාවලදී ද ඔහු වැටුප් සහ දීමනා ලබා ගෙන ඇති බවත් තොරතුරු හෙළිවී යැයි කෝප් කමිටුව පවසයි.

එම ආයතනයේ නිලධාරීහු කමිටුවට පවසා ඇත්තේ එම නිලධාරියා මෙම ආයතනයට පත්වී ඇත්තේ අමාත්‍යාංශ අනුමැතියකින් තොරව බවයි.

මොහුගේ අධ්‍යාපන සහතික මෙන්ම උප්පැන්න සහතිකයේද ගැටලු පවතින බවත්, මේ තැනැත්තා කිසිදු අනුමැතියක් ලබා නොගෙන පසුගිය වසරේදී කැනඩාවට ගොස් ඇතැයි ද ඔවුහු සඳහන් කර ඇත.

මෙම ආයතනයේ නිලධාරීන් සිටින්නේ තිහකට අඩු සංඛ්‍යාවක් නමුත් ආයතනය මාසිකව ලක්ෂ 12 ක් ගෙවා කුලී ගොඩනැගිල්ලක පවත්වාගෙන යන බවද මෙහි දී තොරතුරු අනාවරණය වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More