එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් ඇති වූ හානිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන අටලක්‍ෂ පනස්දහසක් හා තවත් ලංකා රුපියල්වලින් වන්දි මුදලක් ලබාදීමට අදාළ රක්‍ෂණ සමාගම කැමැත්ත පළකර ඇතැයි අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25දා) පැවසීය.
මේ පිළිබඳව නඩුව සංගප්පූරු මහාධිකරණයේ පවතින අතරතුර අදාළ නැවේ රක්‍ෂණ සමාගම විසින් නඩුවට අගතියක් නොවන ආකාරයට ලංකා රජය සමග සාකච්ඡා කිරීමට යෝජනා කළ බවද ඒ අනුව නීතිපතිවරයා සීපා ආයතනයේ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් නවදෙනකු පසුගිය මාසයේදී සාකච්ඡා වට දෙකක් රක්‍ෂණ සමාගම සමග පැවැත්වූ බවද ඇමැතිවරයා සඳහන් කරයි.
මෙම සාකච්ඡා රක්‍ෂණ සමාගම ලංකාවට ඩොලර් මිලියන අටලක්‍ෂ පනස්දහසක් හා තවත් ලංකා මුදලින් ප්‍රමාණයක් වන්දි ලෙස ගෙවීමට කැමැත්ත පළකර ඇති නිසා ඒ පිළිබඳව නීතිපතිවරයා විසින් අදාළ ආයතන වෙතින් ඊට කැමැත්ත ඉල්ලා ඇති බවද ඒ මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...