යුද විරුවන් යුද අපරාධකරුවන් ය යන චෝදනාව තර්කයකින් තොරව පිළිගනු ලැබුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති පදවිය හෙබ වූ 2015 කාලයේදී බවත්, රණවිරුවන්ට විරුද්ධව නගා ඇති යුද අපරාධ චෝදනා වලින් වාසිය අත්වී ඇත්තේ කාටදැයි සිතා ගැනීම මෙරට ජනතාවට බාර බවත් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා පවසයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාට භයානක ලෙස වැරදුන ස්ථානයක් වන්නේ ස්වභාවික යුක්තිය ඉල්ලීමේ මාර්ගයෙන් බැහැරව යුද අපරාධ චෝදනා තිබියදීම යුද අපරාධ චෝදනා සඳහා ලබාදුන් ඳඬුවම් වලින් ගැලවීම සඳහා මධ්‍යස්ථ දෙමල ඩයස්පෝරාව ‘එන්ගේජ්’ කරගැනීම යන න්‍යාය පිලිගැනීම බවද ඒ මහතා පවසයි.
පෙරේදා(24) දිනයේ කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි පුස්තකාල සහ ප්‍රලේඛන සේවා ශ්‍රවනාගාරයේදී පැවති ‘ලෝකයේ අර්බූදය සහ අපේ අර්බූදය‘ නව ගෝලීය ප්රවනතා තුළ ශ්‍රී ලංකාවේ ඉරණම පිළිබඳ විද්වත් සාකච්ඡාවට එක් වෙමින් යසස් ධර්මදාස මහතා පැවැත් වූ සවිස්තරාත්මක කතාව පහළින්…
යුක්රේන යුද්ධය, BRICS ව්‍යාපෘතිය, චීන – රුසියා සහයෝගීතාවය, න්‍යෂ්ඨික යුද්ධයක අනතුර ඇතුළු නව ගෝලීය ප්රවනතාව තුළ ශ්‍රී ලංකාවේ ඉරණම පිළිබඳව විද්වත් කතිකාවෙහි පිළිගැනීම සහ අරමුණ පැහැදිලි කිරීම.
ලෝකයේ අර්බුදය අපේ අර්බුදයට බලපාන්නේ කෙසේද අප එය කළමණාකාරණය කරගත යුත්තේ කෙසේද යන කාරණය පිළිබඳව විද්වත් කතිකාවක් ඇතිකර ගැනීමේ ආරම්භයක් ලෙස තමයි අද දිනයේ මේ විද්වත් කතිකාවත පැවැත්වෙන්නේ. ඒ සඳහා පැමිණීමට නියමිත ආචාර්ය ගුණදාස අමරසේකර මැතිතුමා, පැමිණ සිටින කල්‍යානන්ද තිරාණගම මැතිතුමා, ස්පර් සංවිධානයේ නිහාල් ඩයස් මහතා, ස්පර් සංවිධානයේ දසරත් ජයසූරිය මහතා, හිටපු ප්‍රංශ තානාපතිතුමිය මහාචාර්ය හිරිඹුරේගම මහත්මිය, මහාචාර්ය මාලනී ඇඳගම මහත්මිය, කථිකයින්, ආරාධිත අමුත්තන් සහ දේශප්‍රේමී ඔබ සැම ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගනු ලබනව.
ලෝක අර්බුදය ලෙස මෙහිදී අප විශේෂයෙන්ම සාකච්ඡා කරනු ලබන්නේ යුක්රේනයේ යුද්ධය නිසා ලෝකය තුල ඇතිව තිබෙන තත්ත්වය, BRICS ව්‍යාපෘතිය මගින් සිදුකළ හැකි බලපෑම, චීන – රුසියා සහයෝගීතාවය, ත්යෂ්ඨික යුද්ධයක අනතුර, ගෝලීය යළි සැකසීමේ ක්‍රියාදාමය සහ ඉහත සඳහන් කළ කාරණා හේතුවෙන් අප රටට සිදුව ඇති බලපෑම සහ රටට යහපතක් වෙන ආකාරයට මෙම ගෝලීය අර්බුදය කළමනාකරණය කරගන්නේ කෙසේද යන්න පිළිබඳවයි.
අද දිනයේදී ඒ සඳහා විෂයානු බද්ධ දැනුමැති විද්වත් මණ්ඩලයක් සමග කතිකාවතක් සිදුකිරීමට ඔබ සැමට අවස්ථාව ලැබීමට නියමිතයි.
යුක්රේන් යුද්ධය පිළිබඳව සැළකුවහොත් ඉන්දියාවට හැකිව තිබෙනව රුසියාවෙන් අඩු මිළට ඛනිජ තෙල් රැගෙන වැඩි මිළට අපට විකිණීමට. ඒ සඳහා ඉන්දියාවට ඔවුන් විසින් අපට ලබා දුන් “ක්‍රෙඩිට් ලයින්” එක භාවිතා කළ හැකියි. ඒ අනුව අපේ තෙල් අර්බුදය ඉන්දියාවට මනරම් ව්‍යාපාරික අවස්ථාවක් නිර්මාණය කර දී තිබෙනවා.
BRICS ව්‍යාපෘතිය දැනටමත් රටවල් පනහක පමණ සංඛ්‍යාවකට ආකර්ෂණය වී ඇති බව පෙනෙන්න තිබුණද ඩොලරයට විරුද්ධ සටන ගල උඩ සටනකටත් වඩා තීව්ර දරුණු සටනක් බවට පත් වී තිබෙන බව පැහැදිලියි. ඉන්දියාව සහ චීනය ඩොලරයට විකල්පව වෙනත් මුදල් ඒකකයක් පිළිගැනීමට එකඟවීම සමහරවිට “අද නොවේ හෙට” වැනි බාලගිරි දෝශයට ලක්වූ කටයුත්තක් බවට පත්වීමට තිබෙන ඉඩ කඩ ඉතා ඉහළයි.
දකුණු අප්‍රිකාවේ BRICS තානාපති අනිල් සූක්ලාල්- මම හිතනවා ඔහු ඉන්දියානු සම්භවයක් ඇත්තෙකු කියා- ඔහු කියනව BRICS ආයතනයට එවැනි ඩොලරයට අභියෝග කිරීමේ අදහසක් නැහැ කියල. ඒ වගේම ඔහු අවධාරණය කරනව යෝජිත ජොහැන්නස්බර්හ් සමුළුවෙදි ඩොලර් විමුක්ත කතිකාවතක් නැහැ කියල. ඒ අතරෙ වොරන් බුෆේ (Warren Buffett ) පවසා තියෙනව ඊළඟ වසර 50-60 තුල ඩොලරයට හිමි අධිපතිවාදීකම නැති නොවන බවත්, ඒ පිළිබඳව ඔහු ඕනෑම ඔට්ටුවක් ඇල්ලීමට සූදානම් බවත්.
මේ කාරණා පිළිබඳව අපේ විද්වතුන් මනාව පැහැදිළි කිරීමට නියමිත බැවින් මීට අමතරව යමක් මා ඒ පිළිබඳව පැවසීම අවශ්‍ය නොවේ කියා හිතනව.
නමුත්, ලෝක අර්බුදයට සමගාමීව අප රටක් ලෙස අර්බුදයට හසුවුනේ කෙසේද යන්න පිළිබඳව කෙටි අදහසක් ප්‍රකාශ කිරීමට කැමතියි. ඇත්ත වශයෙන්ම ඉහත සඳහන් කළ ගෝලීය අර්බුදය, විශේෂයෙන්ම යුක්රේන් යුද්ධය, ඇතිවීමට පෙරයි ශ්‍රී ලංකාව මුහුණ දෙන අර්බුධයට පාර කැපුනේ. එය රුසියාව සමග කෙසේ වෙතත් චීනය සමග පැවති ළබැඳියාව හේතුවෙන් හටගත්තක් ලෙසට සමහරුන්ට හැඳින්වීමටත් හැකියාව තිබෙනව.
ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය ප්‍රධාන වශයෙන් බැහැර නොකරන ලද චෝදනා දෙකක් මත ඇතිවුන බවයි මගේ හැඟීම. එනම්, රාජපක්ෂ වරුන්ට එල්ලවූ හොරා චෝදනාව, හා අපේ රණවිරුවන්ට එල්ලවූ යුද අපරාධකරුවන් යන චෝදනාව.
රාජපක්ෂවරුන්ට එල්ලවූ හොරා යන චෝදනාව නිසිලෙස බැහැර නොකරන ලද චෝදනාවක් ලෙස පවතිනව. චෝදනාවක් බැහැර නොකළේනම් එම චෝදනාව තහවුරු වීම සිදු වෙනව. බැහැර නොකරන ලද හොරා යන චෝදනාව හරියට හිසට ඉහලින් කෙස් ගසකින් එල්ලූ තියුණු අසිපතක් ලෙසට පවතිනව.
දෙවන චෝදනාව, එනම් අපේ යුද විරුවන් යුද අපරාධකරුවන් ය යන චෝදනාව. මේ චෝදනාව තර්කයකින් තොරව පිළිගනු ලැබුවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති පදවිය හෙබ වූ 2015 කාලයේදී.
පහුගිය කාලයේ අප දුටුව කාදිනල් තුමා පවා චෝදනාකරණව ගෝඨාභය තමයි පාස්කු ප්‍රහාරයේ වාසියේ උරුමකරු කියල. කාදිනල් තුමා ගෝඨාභයට එල්ල කරන චෝදනාවට අනුව ඔහු “පාස්කු ප්‍රහාරයේ වාසියේ උරුමකරු” නම් කාදිනල් තුමාත් ගෝඨාභයගේ ජයග්‍රහණය වෙනුවෙන් දායක වුනා. මට මේ අවස්ථාවේදී මතු කිරීමට අවශ්‍ය වන්නේ අපේ රණවිරුවන් යුද අපරාධ කාරයින් ලෙස හංවඩු ගැසීමෙන් වාසිය අත්වී ඇත්තේ කාටද කියන ප්රශ්නයයි.
ගෝඨාභය මහතාට රණවිරුවන් යුද අපරාධ චෝදනාවලින් ගලවා ගැනීමේ අවසාන අවස්ථාව තිබුණේ 2021 ජනවාරි 11 වෙනිද. එදින ආරක්ෂක කමිටුවට ජාතික සංවිධාන නියෝජිතයින්ට පැමිණ කරුණු පැහැදිලි කිරීමට අවස්ථාව ලබාදුන්නා. එදින අපගේ දොස්තර වසන්ත බණ්ඩාර ප්රමුඛ නියෝජිතයින් පෙන්වා දුන්න යුද අපරාධ චෝදනා වලින් නිදොස් වීම අත්‍යවශ්‍ය බව හා ඒ සඳහා එළඹෙන ජිනීවා මානව හිමිකම් සමුළුවට යුද අපරාධ චෝදනාලාභීන් වෙනුවෙන් ස්වාභාවික යුක්තිය ඉල්ලා සිටින ලෙස.
නමුත්, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාට භයානක ලෙස වැරදුන ස්ථානයක් තමයි අප පෙන්වා දුන් මාර්ගය වන ස්වභාවික යුක්තිය ඉල්ලීමේ මාර්ගයෙන් බැහැරව යුද අපරාධ චෝදනා තිබියදීම යුද අපරාධ චෝදනා සඳහා ලබාදුන් ඳඬුවම් වලින් ගැලවීම සඳහා මධ්‍යස්ථ දෙමල ඩයස්පෝරාව ‘එන්ගේජ්’ කරගැනීම යන න්‍යාය පිලිගැනීම.
මේ ‘එන්ගේජ්’ කරගැනීමේ න්‍යාය අවසානයේදී කැරකුනේ කොතැනටද? ඉන්දීය වාර්තාකරු සුබ්‍රමණියම් මහතා, විමල් වීරවංශ මහතා සහ සේන තෝරදෙණිය මහතා සඳහන් කර ඇති පරිදි ඇමරිකානු තානාපතිනිය විසින් රටේ ආරක්ෂාවට වගකිවයුතු ප්‍රභලයින් එතුමිය විසින් ‘එන්ගේජ්’ කර ඇති ආකාරයක් තමයි දක්නට ලැබෙන්නෙ.
එතුමියට හැකියාව ලැබුන මානව හිමිකම් කසය පෙන්වා සියලුම ආරක්ෂක අංශ මෙල්ල කිරීමට. නමුත්, අද වෙනවිට වත්මන් ජනාධිපති තුමාට හැකියාව ලැබී තිබෙනව සියලු අරගල කරුවන් මෙල්ල කිරීමට. එය දෙයාකාරයකින් සිදුවෙනබව පෙනෙන්න තියෙනව. එනම් බලය යොදමින් සහ බලය බෙදමින් යන ක්‍රම දෙකෙන්ම ඔහු එම කාර්ය කරනවා. “බලය බෙදමින්” යන න්‍යායට එකඟ බැවින් බලය යොදමින් සිදුකරනු ලබන ක්‍රියා දැන් බාහිර ලෝකයට, නීතිඥ සංගම්වලට පෙනෙන්නෙ නැති බවක් තමයි පෙනෙනට තියෙන්නෙ. සමහරවිට යෝජනාවුණු ත්‍රස්ත විරෝධී පනත සම්මත උනානම් මේ කරන ප්‍රකාශයත් ත්‍රස්තවාදී ගනයට වැටීමට නියමිතව තිබුණා.
එසේනම්, අපේ රට අර්බුදයට ඇඳ දමා තිබෙන චෝදනාව වන අපේ රණවිරුවන්ට විරුද්ධව නගා ඇති යුද අපරාධ චෝදනා වලින් වාසිය අත්වී ඇත්තේ කාටද? ඒ පිළිබඳව හිතා ගැනීම ඔබට බාරයි.
රට ආරාජික කළ පළමු චෝදනාව වන රාජපක්ෂ හොරු යන චෝදනාවෙන් රටට විය හැකි හානිය දැන් සිදුවී තියෙනව.
නමුත්, රට අස්ථාවර කළ දෙවන චෝදනාව, එනම්, අපේ යුද විරුවන් යුද අපරාධකරුවන් ය යන චෝදනාව එසේ බැහැර කළ නොහැකියි. එම චෝදනාව නිශේධනය කළ යුතුමයි. එය කළ හැක්කේ කෙසේද කියා අප මීට පෙර අවස්ථාවල සඳහන් කර ඇති බැවින් ඒ පිළිබඳව වැඩිදුර ප්‍රකාශ කිරීම මේ ඊට අවස්ථාව නොවන බැවින්, මගේ පිළිගැනීමේ සහ අරමුණ පැහැදිලි කිරීමේ කතාව මින් අවසන් කරනව.
ස්තුතියි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...