බලපත්‍රලාභී වාණිජ බැංකු සහ මූල්‍ය ආයතනවල සියලුම පොලී අනුපාත අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝග කර තිබේ.
උකස් පොලී අනුපාත, ණයපත් පොලී අනුපාත, ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාතය යනාදියේ පොලී අනුපාත අඩු කිරීමට මෙමඟින් නියෝග කර ඇත.
චක්‍රලේඛයේ සඳහන් පරිදි 1949 අංක 58 දරන මුදල් පනත යටතේ නිකුත් කර ඇති එම නියෝගය මඟින් පොලී අනුපාත සම්බන්ධයෙන් නිර්නායක ඉදිරිපත් කර ඇත.
සාමාන්‍ය ණය පොලී අනුපාතය සියයට 13.5 මට්ටමේ පවත්වාගෙන යන ලෙස එමඟින් දන්වා ඇති අතර, බලපත්‍රලාභී බැංකු මඟින් උකස් පොලී අනුපාතය සියයට 18ක් ලෙසත් ණයපත් පොලී අනුපාතය සියයට 28ක මට්ටමක පවත්වා ගෙන යන ලෙසත් මෙමඟින් දන්වා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...