දේශීය පුවත්

ආන්දෝලනයට ලක් වූ කෝටිපති ව්‍යාපාරිකයකු වූ අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල වත්කම් උපයා ගත් ආකාරය ගැන පොලිස්පති නියමයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත මෙම විමර්ශන භාරදුන් බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු සති අග අරුණ පුවත්පතට පවසා ඇත.

මුදල් උපයාගත් ආකාරය හා ඔහුගේ ව්‍යාපාර සම්බන්ධව දීර්ඝ විමර්ශනයක් කරන ලෙස පොලිස්පතිවරයා නියෝග කර ඇති බවද හෙතෙම සඳහන් කරයි.

රාජාංගණයේ පැවැති සංගීත සංදර්ශනයකදී රාජාංගණය පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධා කරමින් මරණ තර්ජනය කළ බවට අවුරා ලංකා සමාගමේ සභාපතිවරයාට චෝදනා එල්ලවීමෙන් පසු ඔහු අධිකරණයටද භාර විය.

ඉන්පසුව නීති විරෝධී ආකාරයට මොහු විසින් මුදල් උපයා ගත් බවටත් කෝමාරිකා වගා ව්‍යාපෘතියේ මුවාවෙන් නීති විරෝධී ක්‍රියාවල නිරත වූ බවටත් සමාජ මාධ්‍ය මගින් දිගින් දිගටම චෝදනා එල්ල විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More