පුරවැසි කොලම

හම්බන්තොට මත්තල කේන්ද්‍ර කරගනිමින් ඉදිකල දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපළ හෙවත් ලංකාවේ විශාලතම ගුවන් තොටුපොල වූ මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර අහස්‍ යානා තොටුපොල ගැන අද මුලු රටම කතාකරනු ලබයි. පසුගිය රජය විසින් ප්‍රධාන කොට රටට දායාද කල ජාතික ධනෝපායන මාර්ග තුනකි.

1. පොළොව කේන්ද්‍ර කරගනිමින්, කොළඹ – මාතර අධිවේගි මාර්ගය.
2. මුහුද කේන්ද්‍ර කරගනිමින්, හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය
3. අහස කේන්ද්‍ර කරගනිමින්, මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොල.

අහස පොලොව ගුවන කේන්ද්‍ර කොට ගනිමින් ජාතික ධනෝපායන තුන් ඈදුතු මංපෙත් ලංකා සිතියම අලුත් කරනු ලැබූ ජාතික සම්පත්ය. එහෙත් අවාසනාවකට ඇත්ත කතාවක් වන්නේ රටකට අපමණ අගයක් ගෙනදෙන්න 2015 ජනවාරි 08 බලයට පැමිණි පල්ලේවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල සිරිසේන ඇතුලු යහපාලන ආණ්ඩුවට වුවමනා වූයේ මේ ජාතික සම්පත් පයිසෙකට මායිම් නොකොට හෑල්ලුවකට ලක්කිරිමය. පළමුව කලේ පී. හැරිසන් ඇමතිවරයා ගොන් බදින කණුවකගේ භූමිකාවට පණ දෙමින් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොලේ වී ගබඩා කිරිමය. මහින්ද රාජපක්ෂයන් මේ ගුවන් තොටුපොල ජාතික සම්පතක් ලෙස මේ රටේ අනාගතයට දායාද කළේය. එය ජාතික සම්පතක් සේ නොසලකා රාජපක්ෂ පවුලේ බූදලක් සේ සළකා කටයුතු කරමින් , හේන මුවා කාපුවාම ගෙදර ඇවිත් මුව හමට තඩිබානවා සේ කටයුතු කරන යහපාලන අම්බරුවෝ මේ කරන්නේ කිසිදා සමාව දිය නොහැකි වරදකි.

හම්බන්තොට වරාය 99 වසරකට බදු දෙන්නේද කිසිදු හිරිකිතයකින් තොරවය. මහින්ද රාජපක්ෂයන් හදන්න සමත් වූ මෛත්‍රී රනිල් දෙබෑයන් විකුණන්න සමත්වූ රටට හා අපට අහිමි වූ වරාය චීනුන්ට මහා සම්පතකි. දැන් එය ජාතියට අහිමිකර හමාරය. නමුදු අනාගත දෑහිතකාමි ආණ්ඩුවක පුජනීය යුතුකම හා වගකීම වියයුත්තේ කුමන හෝ ක්‍රමයකින් යළි වරාය පවරාගෙන රටට දායාද කිරීමය. දැන් මත්තල ගුවන්තොටුපළ ද ඉන්දියාවට විකුණා දැමීමේ කටයුතු ලහි ලහියේ සිදුවෙමින් පවතී. අපට ඉතාමත්ම වැදගත් මරමස්ථානයක් මෙසේ අහිමිකරමින් ඉන්දියාවේ කොළනියක් බවට පත් කිරිමේ මෙහෙයුමද ක්‍රියාත්මකවීම පෙනෙන්නේ යාබද ගම්දනව් වල ඉඩකඩම් පවා මේ සමග විකිණීමට සැරසෙන බැවිනි.

අපි අපේ මේ ජාතික සම්පත්, ජාතික ධනෝපායන මාර්ග රැකගතයුත්තේ දිවිහිමියෙන්ය. එහෙත් අවාසනාවකට ඇත්ත කතාව වන්නේ ඒ සියල්ල රැකගැනීමේ සටන ජයග්‍රහණය දක්වා රැගෙන යා හැකි පුලුල් මහජන ව්‍යාපාරයක් නොමැතිවීමය. ඒකාබද්ද විපකෂයට මේ සම්බන්ධයෙන් ලොකු මෙහෙවරක් කළ හැකිව තිබුනද එය හුදෙක් සාම්ප්‍රදායික විරොධතා වලින් එහාට ගියේ නැත. නාමික ව සිදුකරන්නාවූ විරෝධිත්වය කින් මේ සටන ජයගත නොහැකි බව ඔවුනට නොතේරීම මහත් පුදුම දනවන්නකි. ලොකු රැළි වලට මහා ජනගගක් කොළඹ ට ගේන්න උත්සුක වන මෙහෙයුම්කරුවන්ට මේ ජාතික සම්පත් බේරාගැනීමේ දැවැන්ත සටනක් අරඹන්න නොහැකි වීමම කාලකණ්ණි කමකි.

පහුගියදා මත්තල බේරාගැනිමේ මෙහෙයුම් උද්ඝෝෂණය ක් ඒකාබද්දේ මංත්‍රීවරුන්ගෙන් සිදුවිය. එවැනි අල්ලපනල්ලේ ස්වයං වින්දන විරෝධතාවයකින් මත්තල බේරාගත නොහැකිය. එහෙත් එම උද්ඝෝෂණයට සහභාගි වූවන් අතර හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ හා ඩීවී චානක නොසිටීම මහත් පුදුමයට කරුණකි. මත්තල විකිණීමට එරෙහි සටන දිවිහිමියෙන් කරන මහා සටනක් බවට පත් කළහොත් පමණක් මත්තල බේරාගත හැකි වනු ඇත. අල්ලපනල්ලේ ‍රටට හිතැති හුදී ජනයා සැනසීමේ අතුරුපස විරෝධිත්වයකින් පමණක් මෙය ජයග්‍රහණය කල නොහැක. මෙවන් විරෝධතා වලින් පේන්නේ ” ඔන්න අපි විරොධයක් නම් පෑවා ,ඒත් මුන් කොහොමත් ඕක විකුණනවා ” වැනි දියාරු සටනකි ව්‍යාජ සටනකි.

මේ රටේම මිනිසුන්ටත් හම්බන්තොට මිනිසුන්ටත් අනාගතය වෙනුවෙන් මත්තල රැකගැනීමේ ඇත්ත වුවමනාවක් ඇත්තේය. එහෙත් දේශපාලන නායකත්වයක් ඒ සදහා ඇවැසිය. මත්තල බේරාගැනිමේ එවන් ඇත්ත වුවමනාවක් නායකත්වයක් ඒකාබද්දේ ලබාදෙන්නේ නම් මේ මත්තල විකුණුම නතර කල හැකිය. අවශ්‍ය වන්නේ මහා ජන පවුරකින් මත්තල ආක්‍රමණය කිරීමය. මේ රටට ආදරය කරන මිනිසුන් ලක්ෂයට ලක්ෂ පහක් වුවද ඒ සදහා ඒකරාශි වනු ඇත. මේ රටටත් එහි සම්පත් වලටත් අසීමාන්තික ලෙස ආදරය කරන මිනිසුන් ඇත්තේය.එහෙත් අවාසනාවකට නැත්තේ එවන් මිනිසුන්ගේ අව්‍යාජ දේශප්‍රේමිත්වය එකමිටකට එකතු කර ගනිමින් මේ අප අභිමුවේ ඇති සියලු පාවාදීම්, බෙදීම් හා විකිණීම් පරාජය කල හැකි , ආපසු හැරවිය හැකි ව්‍යාජ රගපෑම් වෙනුවට ඇත්ත වුවමනාවක් සහිත සමාජ දේශපාලන ව්‍යාපාරයක් නොමැති වීමය. එනිසාම අපේ රට මෙන්ම , අපට අපද අහිමි විය හැකිය.

පුංචිකාලේ අපි ” හැංගිමුත්තෝ හැංගියෝ ” කියා හැංගිමුත්තන් සෙල්ලම අපූරුවට කළෙමු. ඒ අපේ පොඩිකාලයේය.. දැන් අපේ පාලකයෝ අපි ඉදිරියේ හැංගිමුත්තන් නාඩගමක්සේ කරති..
ඉතින් අපිට අපේ කියා රටක් ඉතිරි වන්නේ නැත. එහෙත් අපිට අපේ නොවන අපේම මහජන නියෝජිතයන් පණක් ඉතිරි වේ.

වීරකැටියේ පුංචිනිලමේ වීරබාහු



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More