එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් ඇති වූ හානිය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන අටලක්‍ෂ පනස්දහසක් හා තවත් ලංකා රුපියල්වලින් වන්දි මුදලක් ලබාදීමට අදාළ රක්ෂණ සමාගම කැමැත්ත පළකර ඇතැයි අධිකරණ ඇමැති විජේදාස රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25දා) පැවසීය.
එහෙත් එම මුදල ඇමෙරිකානු ඩොලර් අට ලක්ෂ හැත්තෑ අට දහසක් ලෙස නිවැරදි විය යුතු බව අද ඒ මහතා තම මුහුණු පොතේ සටහනක් තබමින් පවසයි.
අදාළ සටහන පහළින්…
“එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගින්නෙන් වු හානිය සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන අට ලක්ෂ පනස් දහසක් ලබාදීමට අදාළ රක්ෂණ සමාගම දැනට කැමැත්ත පළ කර ඇති බවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ , ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරනු ලැබුයේ වැරදීමකින් වන අතර, එම වන්දි මුදල ඇමෙරිකානු ඩොලර් අට ලක්ෂ හැත්තෑ අට දහසක් ලෙස නිවැරදි විය යුතුය.
පාර්ලිමේන්තුවේදී හදිසියේ අසන ලද අතුරු ප්‍රශ්නයක් හේතුවෙන් මෙම සංඛ්‍යා ලේඛණයන් පරස්පරව ප්‍රකාශවීමට හේතු වු බව අමාත්‍යතුමා ප්‍රකාශ කළේය.
ඇමෙරිකානු ඩොලර් අට ලක්ෂ හැත්තෑ අට දහසක මුදල ආසන්න වශයෙන් මෙරට මුදලින් රුපියල් මිලියන 285ක් පමණ වන අතර, මීට අමතරව ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 16 ක් ගෙවීමට ද අදාළ රක්ෂණ සමාගම එකග වී තිබේ.
මෙම මුදල් එක්ස්ප්‍රස්පර්ල් නෞකාවේ ඇති වු ගින්නෙන් බලපෑමට ලක් වු ධීවර ප්‍රජාවට වන්දි වශයෙන් ගෙවීමට සහ සමුද්‍රිය පරීසර ආරක්ෂණ අධිකාරියට ලබාදීමට නියමිතව ඇත.
මෙහිදී අධිකරණ අමාත්‍යතුමා සදහන් කරන ලද්දේ “මේ පිළිබදව නඩුව සිංගප්පුරු මහාධිකරණයේ පවතින අතර, අදාළ නැවේ රක්ෂණ සමාගම විසින් නඩුවට අගතියක් නොවන ආකාරයට ලංකා රජය සමග සාකච්ඡා කිරීමට යෝජනා කළා. ඒ අනුව නීතිපතිතුමා,මීපා ආයතනයේ ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් නව දෙනෙකු පසුගිය මාසයේදී සිංගප්පුරුවට ගිහින් සාකච්ඡා වට දෙකක් කළා. ඒ් සාකච්ඡා වට දෙකෙන් අනතුරුව ඇමරිකානු ඩොලර් මිලියන අට ලක්ෂ පනස් දහසක් දළ වශයෙන් මුදලකුත්, තවත් මුදලක් රුපියල් වලින් දෙන්න කැමැත්ත ප්‍රකාශ කළා. යනුවෙනි”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...