ප්‍රංශයේ මුස්ලිම් පාසල් සිසුවියන්ට අබායා පැළඳීම එරට රජය විසින් තහනම් කර තිබේ.
ප්‍රංශයේ නව පාසල් වාරය ලබන මස 4 වනදා ආරම්භ වීමට නියමිත අතර, එදින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තහනම වලංගු බවටයි අධ්‍යාපන අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ.
ප්‍රංශ රජය මෙම තීරණයට එළඹියේ මාස ගණනක වාද විවාදවලින් අනතුරුව බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ.
2004 වසරේ සිට රජයේ පාසල්වල හිස් ආවරණ පැළඳීමටද තහනම් කර තිබේ.
එමෙන්ම 2010 වසරේදී ප්‍රංශය විසින් ප්‍රසිද්ධියේ සම්පූර්ණ මුහුණු ආවරණය පැලඳීම තහනම් කරන ලද අතර, ඊට ප්‍රංශයේ මිලියන පහක පමණ මුස්ලිම් ප්‍රජාවක විරෝධතාවද එල්ල විය.
19 වැනි සියවසේ සිට පාසල්වල විශාල කුරුස වැනි ක්‍රිස්තියානි සංකේත ඇතුලු ආගමික සංකේතවලට දැඩි තහනමක් පනවා ඇති අතර, රජයේ ගොඩනැගිලිවල ආගමික සළකුණු ප්‍රදර්ශනය කිරීම ද තහනම් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...