දේශීය පුවත්

දකුණු චීන මුහුදේ චීන යුද නෞකාවක් සහ පිලිපීන යුද නෞකාවක් අතර සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට එක්සත් ජනපද නාවික හමුදාවේ විශාලතම ඉදිරි-පෙළ බලඇණියේ අණදෙන නිලධාරියා වන වයිස් අද්මිරාල් කාල් තෝමස් මහතා චීන යුද නෞකාවේ හැසිරීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන බව පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.ඒ අනුව වයිස් අද්මිරාල්වරයා දකුණු චීන මුහුදු කලාපයේ බීජිං හමුදාවන්ගේ ආක්‍රමණශීලීත්වයට එරෙහිව ප්‍රතිචාර දක්වන බවට ප්‍රතිඥා දී ඇතැයි විදෙස් පුවත් වාර්තා පවසයි.

තෝමස් සිය අදහස් ප්‍රකාශ කළේ 1999 දී මැනිලා පරිපාලනය විසින් ගැටුමට තුඩු දී තිබෙන දකුණු චීන මුහුදේ නොගැඹුරු ප්‍රදේශයක හිතාමතාම ස්තානගත කර තිබූ යුද නෞකාවකට නැවත සැපයීම් ලබා දීමට උත්සාහ කළ පිලිපීන යාත්‍රාවලට එරෙහිව චීන වෙරළාරක්ෂක බලකාය ජල කාලතුවක්කු ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියකින් සති තුනකට පමණ පසුවය.

එක්සත් ජනපදයේ හත්වන බලඇණියේ අණදෙන නිලධාරි වයිස් අද්මිරාල් කාල් තෝමස් පිලිපීනයට චීනයේ “ආක්‍රමණශීලී හැසිරීම්” වලට එරෙහිව වොෂින්ටනයේ සහාය ලබා දෙන බවට ඊයේ (27) සහතික විය. එක්සත් ජනපදය සහ එහි පිලිපීන සගයා මුහුණ දෙන “හවුල් අභියෝග” උපුටා දක්වමින් “මගේ හමුදා මෙහි රැඳි සිටින්නේ හේතුවක් ඇතුවයි” යනුවෙන් වයිස් අද්මිරාලවරයා පැවසුවේය.

චීන විරෝධය නොතකා අවසානයේදී දෙවන ලෝක යුධ සමයේ නිෂ්පාදනය කරන ලද ‘Sඊර්‍ර Mඅඩ්‍රෙ’ ප්‍රවාහන නෞකාවේ ස්ථානගත කරන ලද භට පිරිස් වෙත ආහාර සහ අනෙකුත් භාණ්ඩ සැපයීමේ මෙහෙයුම අවසන් කිරීමට පිලිපීන හමුදා පසුගිය අගෝස්තු 22 වනදා සමත් විය.
“යුද්දය සහ සාමය අතර පිහිටි “අළු කළාපයක” කෙනෙක් රැඳි සිටිනවානම් ඔබ ඔවුන්ට අභියෝග කළ යුතුයි.” තෝමස් රොයිටර් වෙත පැවසීය. “ඔවුන් ටිකෙන් ටික වැඩි වැඩියෙන් ඔබව තල්ලු කරන විට, ඔබට ඔවුන්ව පසුපසට තල්ලු කිරීමට සිදුවෙනවා.ඒ අනුව ඔබ යාත්‍රා කර පෙන්වීම කළ යුතුයි. ” ඔහු තවදුරටත් අදහස් දක්වමින් “අගෝස්තු 5 දා නොගැඹුරු මුහුදු කළාපයේ ආක්‍රමණශීලී හැසිරීම් පිළිබඳ විස්තර කිරීමට මීට වඩා හොඳ උදාහරණයක් නොමැත.” යනුවෙන් පැවසුවේය.

වයිස් අද්මිරාල් කාල් තෝමස් මැනිලා හි දකුණු චීන මුහුදේ අවශ්‍යතා අධීක්‍ෂණය කරන පිලිපීන බටහිර විධානයේ ප්‍රධානියා වන වයිස් අද්මිරාල් ඇල්බර්ටෝ කාලෝස් සමඟද සාකච්ඡා පැවැත්වීය. “අපි නිසැකවම අභියෝග බෙදාගත්තා,” වයිස් අද්මිරාල් කාල් තෝමස් පැවසීය.”එබැවින්, වයිස් අද්මිරාල් ඇල්බර්ටෝ කාලෝස් වගකිව යුතු මෙහෙයුම් දෙස බලන ආකාරය වඩා හොඳින් තේරුම් ගැනීමට මට අවශ්‍ය වූවා. එලෙසම, මා සතුව ඇති දේ ඔහු තේරුම් ගෙන ඇති බව සහතික කර ගැනීමට මට අවශ්‍ය වූවා.”

ජපානය පදනම් කරගත් එක්සත් ජනපද හත්වන නාවික බලඇණිය, බටහිර පැසිෆික් සාගරයේ, ජාත්‍යන්තර දින රේඛාවේ සිට ඉන්දියා-පකිස්තාන දේශසීමා දක්වා වර්ග කිලෝමීටර මිලියන 124 කට වඩා වැඩි මෙහෙයුම් ප්‍රදේශයක් ආවරණය කරයි. එම ප්‍රදේශයේ නැව් සහ සබ්මැරීන 60ක් පමණ මෙන්ම ගුවන් යානා 140ක් සහ නාවික භටයන් 20,000ක් පමණ රඳවා ඇත. එම මෙහෙයුම් කලාපය ලෝක ජනගහනයෙන් අඩක් සහ රුසියාව සහ චීනය ද ඇතුළුව එක්සත් ජනපදයෙන් පිටත පිහිටි විශාලතම මිලිටරි බලවතුන් පහම ආවරණය කරයි.

ෆර්ඩිනන්ඩ් මාකෝස් ජූනියර් පසුගිය වසරේ පිලිපීනයේ ජනාධිපති ලෙස බලයට පත්වීමෙන් පසු පිලිපීනය සහ චීනය අතර ආතතීන් උත්සන්න විය. මාකෝස් එක්සත් ජනපදය සමඟ සමීප ආරක්ෂක සබඳතා ගොඩනඟා ගෙන ඇති අතර දකුණු චීන මුහුදේ තම රටෙහි භෞමික හිමිකම් තහවුරු කිරීමට කටයුතු කර ඇත. නිදසුනක් වශයෙන්, පිලිපීනය පසුගිය මැයි මාසයේදී ස්ප්‍රැට්ලි දූපත් වටා නාවික බෝයාවන් ස්ථානගත කළ අතර, බීජිං පරිපාලනය ස්වෛරීත්වය ප්‍රකාශ කරන ප්‍රදේශයකටද තම හිමිකම් පෑවේය.

එක්සත් ජනපදය සමග මිලිටරි සහයෝගීතාවය ශක්තිමත් කිරීම පිලිපීනය “භූ දේශපාලන ආරවුල් වල අශ්ව රථයට” බැඳ තබනු ඇති බවට චීන නිලධාරීන් අනතුරු අඟවා තිබේ. බෙයිජිං සහ වොෂින්ටනය දකුනු චීන මුහුදේ මිලිටරි ප්‍රකෝපකරනයන් පිලිබඳව නැවත නැවතත් එකිනෙකාට චෝදනා කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More