දේශීය පුවත්

බොරළුකන්ද රජමහා විහාරයේ සංවර්ධන කටයුතු තහනම ඉවත් කරන්නැයි ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලයේ දොරටු හරස් කර ගිහි පැවිදි පිිරිසක් අද(28) විරෝධතාවයක නිරත වූ අතර, එහිදී හිමිවරු පිරිසක් දිසාපති කාර්යාල පරිශ්‍රයට ඇතුළු වී දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම අතර මග නැවැත්වීමට කටයුතු කළහ.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු සම සභාපතිවරුන් වන ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්විම පැවැත්විනි.

මෙම රැස්වීම් පරිශ්‍රයට ඇතුළු වූ හිමිවරු අතර බොරළු කන්ද රජමහා විහාරාධිපති අම්පිටියේ සීල වංශ තිස්ස හිමි, මොරවැව ඉන්ද්‍රරාමාධිපති පොල්හේන්ගොඩ උප රතන හිමියෝද වුහ.

ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතාගේ නියෝගයෙන් බොරළුකන්ද විහාරයේ සංවර්ධන කටයුතු තහනම් නියෝගය ලිඛිතව ලබාදුන් ප්‍රාදේශීය ලේකම් පි.දනේෂ්වරන් මහතාද මෙම රැස්විමේ සිටිම විශේෂත්වයකි.

තහනම් නියෝගය ඉවත් කරන තෙක් තමන් වහන්සේලා මෙම ස්ථානයෙන් ඉවත් නොවන බවට සපථ කර කියා සිටියහ. සිදුවු අපහසුතා මධ්‍යයේ ආණ්ඩුකාර උපදෙස් මත තහනම ඉවත් කිරිමට සියළු දෙනා තිරණයකට එලඹීමට මෙමගින් සිදුවූ අතර, මහා සංඝරත්නය විරෝධය හමුවේ තහනම් නියෝගය ඉවත් කිරිමේ ලිඛිත නියෝගය ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බොරළුකන්ද රජමහා විහරාධිපති අම්පිටිය ශිල වංශ තිස්ස හිමියන්ට ලබාදීම මෙහිදී සිදු කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More