දේශීය පුවත්

අවුරුදු සියයක් ආයු වළඳා අපවත් වී වදාළ දිප්පිටිය මල් පහ රාජගිරි රජ මහා විහාරස්ථානයේ වැඩ වාසය කළ කෙහෙල්වල සංඝානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අරණායක, දිප්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ(29) සවස සිදු කරනු ලැබූහ.

අපවත් වී වදාළ සංඝානන්ද හිමියන්ගේ දේහය විල්වල ජුම්මා මුස්ලිම් පල්ලියේ බැතිමතුන් කරමත තබාගෙන අවමංගල්‍යය පෙරහරේ ගමන් කරන අයුරු මෙහිදී දැකගත හැකි වූ සුවිශේෂී සිදුවීමකි.

ප්‍රදේශයේ ජාතික හා ආගමික සහජීවනය වෙනුවෙන් අපවත් වී වදාළ සංඝානන්ද හිමියෝ සුවිශේෂී මෙහෙවරක් ඉටු කරනු ලැබ තිබූ අතර, මෙම අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් මුස්ලිම් ප්‍රජාව රුපියල් 60,000ක මුදල් පරිත්‍යාගයක්ද දායක සභාවේ භාණ්ඩාගාරිකවරයාට පරිත්‍යාග කළ බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More