විදේශ පුවත්

මැතිවරණයේ සම්පූර්ණ ප්‍රතිඵලය නිකුත් කිරීම ප්‍රමාද වන බව පාකිස්තාන බලධාරීහු අද (26) උදෑසන ප්‍රකාශ කළහ.

කෙසේ නමුත් මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙන ප්‍රතිඵල අනුව ඉදිරියට පැමීණීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් සමත්ව ඇත.

ඉම්රාන් ඛාන්ගේ ඉදිරියට පැමිණීම නොපිළිගන්නා බවත් මැතිවරණ ප්‍රතිඵල ගණනය කිරීමේදී යම් අක්‍රමිකතාවක් සිදුව ඇති බවත් ඔහුගේ ප්‍රතිවාදීහු පවසති.

ඉම්රාන් ඛාන්ගේ ප්‍රමුඛතම ප්‍රතිවාදියා වී ඇත්තේ සිරගත කර සිටින එරට හිටපු අගමැති නවාස් ෂරීෆ්ය. දැනට නිකුත්ව තිබෙන ප්‍රතිඵල සහ මැතිවරණ ප්‍රතිඵල ගණනය කිරීම ප්‍රජාතන්ත්‍රවදායට එල්ල වූ මරු පහරක් යැයි නවාස් ෂරීෆ් පවසා ඇතැයි වාර්තා වේ.

පාකිස්තානය යනු න්‍යෂ්ටික බලය ඇති මුස්ලිම් රටක් වන අතර පාකිස්තානය නිර්මාණය වී ගත වූ දශක හතකට ආසන්න කාලයේදී වැඩි හරියක් පැවැතියේ හමුදා පාලනය. මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීම යනු නව ආණ්ඩුවක් පත්වීම ප්‍රමාද වීමය. එසේ දිගින් දිගටම නව ආණ්ඩුවක් පත්වීම ප්‍රමාද වුවහොත් එය එරටට තදින් බලපානු ඇත. පාකිස්තානය මේ වනවිට ආර්ථික අර්බුදයක් කරා ගමන් කරමින් සිටින අතර එමෙන්ම ඔවුන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ‘ගලවා ගැනීමේ‘ණයක් ලබාගැනීමේ අවශ්‍යතාවයක් ද මතුව තිබේ.

එමෙන්ම ඔවුන්ගේ මිත්‍ර රටක් වූ ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ තිබූ සබඳතා ද මේ වනවිට වඩාත් නරක අතට හැරෙමින් තිබේ.

තාක්ෂණික දෝෂයක් නිසා ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වී තිබෙන බව පාකිස්තාන මැතිවරණ කොමිසමේ ලේකම් බාබර් යකූබ් අද (26) වාර්තාකරුවන් හමුවේ පැවැසීය. විද්‍යුත් වාර්තා කිරීමේ පද්ධතියේ දෝෂයක් ඇති වූ බවත් මේ වනවිට ගණනය කිරීම් ක්‍රියාවලිය අතින් කෙරෙන බව ද ඔහු කීවේය. අද (26) අලුයම 2 වනවිට මැතිවරණ ප්‍රතිඵල නිකුත් කර අවසන් කිරීමට නියමිතව තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More