බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසන්නේ පුරාවිද්‍යාඥයින් සඳහා ව්‍යවස්ථාවක් සකස් කිරීමට ඉදිරියේදී බලාපොරොත්තු වන බවයි.
ඔහු ප්‍රකාශ කළේ ඒ තුළින් පුරාවිද්‍යාඥයින් මෙරට රාජ්‍ය ආයතන ආශ්‍රිතව ස්ථාන ගතකිරීමට කටයුතු කරන බවය.
“අපි බලාපොරොත්තු වෙනවා මේ පුරාවිද්‍යාවාදි කණ්ඩායම් දැනට ඉන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හෝ එහෙමත් නැත්නම් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඉගැන්වීම් කටයුතු කරනවා. එතනින් එහාට යන්න මේ පුරාවිද්‍යාර්ථයින්ගේ එකක් අපි බලාපොරොත්තුවෙනවා ඒ අයගේ ව්‍යවස්ථාවක් හදන්න. හදලා මේ විවිධ ආයතනවල ඒ අයව ස්ථානගත කරන්න. දැන් රේගුව තියෙනවා. හැබැයි රේගුවේ පුරාවිද්‍යාඥයෝ ඉන්නවද, ඊළඟට පළාත් සභා තියෙනවා. අපේ පුරාවස්තු ගොඩක් තියෙන්නේ උතුැරු සහ නැගෙනහිර, උතුරු මැද, වයඹ ඔය ආදි පළාත්වල. නමුත් ඒවායේ රාජ්‍ය ආයතනවල පුරාවිද්‍යාඥයෙක් නෑ. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි කාලයේදී එවැන් වැඩපිළිවෙළකුත් කරන්න.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...