දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා ඇමති ධුරය දැරූ කාලයේ තමන්ට හිමි වූ නිල නිවසේ බලෙන් රැඳී සිටි බවත් ඔහු ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලැබුණු බවත් දක්වන පුවතක් දිනමිණ පුවත්පතේ පළ වී ඇත.

කෙසේ වුවද ඒ මහතා නිල නිවසේ රැඳී සිටියේ මානව හිමිකම් කොමිසමෙන් ලබාදුන් තීන්දුවකට අනුව බව වාර්තා වේ.

2022 මැයි මස 9 වෙනි දින නිවාස ගිනි තැබීම් වලින් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට වන්දි ලබා දීමේදී සිදුවන අසාධාරණය පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් පසුව මානව හිමිකම් කොම්සම ලබාදුන් තීන්දුවකට අනුව තවදුරටත් නිල නිවාසය රැඳී සිටීමට චන්න ජයසුමන මහතාට අවස්ථාව හිමි වී තිබේ.

එසේ රැඳී සිටි කාලසීමාවට අදාළව නිවාස කුලී සහ අනිකුත් සියලුම ගෙවීම් මන්ත්‍රීවරයා සිදු කර ඇති බවත් වාර්තා වේ.

මේ සම්බන්ධව නීතිමය කෘත්‍යයක් සිදුවන බව දැනුවත්ව සිට බවත්, මෝසමක් මගින් ගරු අධිකරණයට කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් පවසයි.

මානව හිමිකම් කොමිසමෙන් නිකුත් කළ ලිපිය පහළින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More