දේශීය පුවත්

ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ක‍්‍රීඩාගාරයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම ඉවත් කරන්නේ නම් තමන් ද ඊට විරෝධය පළ කරන බව අමාත්‍ය සරත් අමුණුගම පවසයි.

ඊයේ (25) කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එහිදී “එහෙම ගලවන්නේ කොහොමද?..අපි ඔක්කොම එතුමාගේ කැබිනට් එකේ හිටියනේ…කොච්චර කැත වැඩක්ද තියෙන දේක නම ගලවන්න හදන එක. යමක් කරලා ඒකේ නම තිබ්බාම මොකද. තියෙන දේවල් ගලවන්න ඕනේ නෑ කවුරුත්.. තමන්ට ඕනේ නම් අලුතෙන් එකක් හදලා දාගන්න එකයි ඇත්තේ.” යනුවෙන් සඳහන් කළේය.

මේ අතර මීට පෙර, ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේ ක‍්‍රීඩාගාරයෙන් මහින්ද රාජපක්ෂ නම ඉවත් කිරීම අනවශ්‍ය ක‍්‍රියාවක් බව අමාත්‍ය ජෝන් අමරතුංගද කියා සිටියේය.

කෙසේ වෙතත් තමන්ගේ නම ගාල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රිඩාංගණයෙන් ඉවත් කිරීම ගැටළුවක් නොවේ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාද මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More