ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සඳහා දැනට හඳුනාගෙන ඇති සංශෝධන ඇතුළත් කරමින් අදාළ පනත නැවත සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට තීරණය කර තිබේ.
ඊට අදාළ යෝජනාව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා විසින් ඊයේ (28) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබූ අතර එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවිය.
දැනට බලාත්මක 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත ඉවත් කරමින් ත්‍රස්ත විරෝධී පනත හඳුන්වාදීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම පිණිස 2023-02-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී.
රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලද එකී පනත් කෙටුම්පතේ සඳහන් ඇතැම් වගන්ති වලට එරෙහිව විවිධ පාර්ශ්වයන් ඉදිරිපත් කරන ලද අදහස් සැලකිල්ලට ගනිමින් එම පනත් කෙටුම්පත සඳහා අවශ්‍ය සංශෝධන හඳුන්වා දීමට තීරණය කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...