පසුගිය කාලයේ ඇති වූ ගෝල්ෆේස් අරගලයේ ප්‍රධාන සාධකය වූයේ අමෙරිකානු තානාපතිනි ජූලි චංග් බවත්, වික්ටෝරියා නූලන්ඩ්ගේ පිටපතට අනුව මිලින්ද මොරගොඩගේ නිෂ්පාදනයෙන්, ඉන්දීය ආරක්ෂක උපදේශක අජිත් දොවාල්ගේ සංගීතයෙන් ඉදිරිපත් වූ මෙම නාට්‍යයේ වේදිකා සැරසිලි බැසිල් රාජපක්ෂ විසින් සිදුකළා විය හැකි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අන්තර්ජාල නාලිකාවක් හා පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.
රටේ ඇති වූ ආර්ථික අර්බුදය පාවිච්චි කරමින් අමෙරිකානු තානාපතිනිය මෙම අරගලයට මැදිහත් වූයේ එක්පසෙකින් ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ බිය වද්දා අනෙක් පසින් ආරක්ෂක ප්‍රධානීන්වද බිය වද්දමින් යැයි වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැවසීය.
දිලිත් ජයවීර මහතා ද පසුගිය දිනෙක හෙළිකර ලෙසින් ‘ගෝඨා ගෝ හෝම්‘ නමැති සටන් පාඨය මුලින්ම එළියට පැමිණියේ රාජපක්ෂ පවුල තුළින්ම බවද, එයට හේතු වූයේ ගෝඨාභය ජනාධිපතිවරයාගේ පාලනය රාජපක්ෂ පවුලට අවශ්‍ය ආකාරයේ පාලනයක් නොවූ නිසා බවද ඒ මහතා පවසයි.
අරගලයේ දෙවන කොටස අනිවාර්යයෙන්ම පැමිණෙන බවද, එය පිටුපස සිටින්නේ ද අමෙරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර බලවේග බව පැහැදිලි වන බව හා පසුගිය දිනෙක පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ජනයා සමග වීදි බැස පෙන්වූයේ එහි පෙරහුරුවක් බවද වසන්ත බණ්ඩාර මහතා පවසයි.
මෙය පැමිණෙන්නේ පන්ති සටනක් ලෙසින් බවත්, ආහාර අර්බුදය පෙරට දමා ආහාර මංකොල්ලයක් ලෙසින් ජනතාව වීදි බැස්සවීම මෙහිදී සිදුවන බවත්, පසුගිය අරගලයේ දී මෙන්ම එයට ද නායකත්වය සැපයීමට නිශ්චිත පුද්ගලයකු නොමැති වුවද ජාතික හා ජාත්‍යන්තර බලවේග මෙම අරගලය පිටුපස ද සිටිමින් පළමු අරගලයේ දී කිරීමට නොහැකි වූ දේ මෙම අරගලය තුළින් සිදුකර ගැනීමට පෙළගැසෙමින් සිටින බවද ඒ මහතා අනාවරණය කරයි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...