ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා දෙදින නිල සංචාරයක් එළැඹෙන සතිඅන්තයේ දී දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙරට සංචාරයේ නිරත වන කාලය තුළ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයින් හමු වී සාකච්ඡා කිරීමට ද නියමිත බව වාර්තා වේ.
එමෙන්ම ඔහු ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරයක නිරත වන අතර එහිදී තෙල් ටැංකි සංකීර්ණය නිරීක්ෂණය කිරීමට ද අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙනන්කොන් මහතා සඳහන් කරන්නේ, සැප්තැම්බර් මස 02 වෙනිදා දිවයිනට පැමිණෙන ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ලබන 03 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...