මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අති අලංකාරවත් ලෙස අද (30දා) රාත්‍රී වීථි සංචාරය කිරීමට ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ඇතුළු සිව් මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් සැලසුම් කර තිබේ.
අද රාත්‍රි පෙරහැරේ දර්ශනීය ඇඳුමෙන් සරසන ලද අලි ඇතුන් 100ක් පමණ ගමන් කරවීමටත් නර්තන ශිල්පීන් වැඩිම පිරිසක් විවිධ නර්තන කලාවන් ඉදිරිපත් කිරීමටත් පියවර ගෙන ඇත.
අද රාත්‍රී අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට දෙස් විදෙස් විශාල පිරිසක් මහනුවර නගරයේ පෙරහැර මාර්ගය දෙපස රැඳී සිටිනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
අද රාත්‍රී 7.03 ට යෙදෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටින් උතුරු දිසාව බලා ගමන් අරඹන ඇසළ පෙරහැර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ගෙවැදීමට නියමිත බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් නිවේදනය කර තිබේ.
පෙරහැර ගෙවැදීමෙන් පසු රාත්‍රී 2.39 ට පෙරහැර කරඬුව රැගත් දළදා මාලිගාවේ පෙරහැර සහ සිව් මහා දේවාලයන්හි පෙරහැර, කරඬුව තැන්පත් කිරීම සඳහා අස්ගිරිය ගෙඩි විහාරය වෙත ගමන් කරයි. කරඬුව එහි තැන්පත් කිරීමෙන් පසුව සිව් මහා දේවාලයන්හි පෙරහැර ඒ ඒ දේවාලයහිදී දේවපූජා පවත්වා අලුයම් වේලේ දිය කැපුම් මංගල්‍යය සඳහා මහවැලි ගඟේ ගැටඹේ තොට කරා ගමන් කරයි.
දියකැපුම් මංගල්‍යය සිදු කිරීමෙන් පසු දින (31දා) ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර ද සමග දවල් පෙරහැර වීථි සංචාරය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...