වැරදි විදේශ ප්‍රතිපත්තිය හා රාජතාන්ත්‍රික සබදතා කළමනාකරණය මත ඉදිරියේදී දකුණු ආසියාවේ යුක්රේනය බවට ශ්‍රී ලංකාව පත්වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා පවසුවේ වත්මන් ආණ්ඩුව හා ජනාධිපති ශ්‍රී ලංකාව ඉන්දියානුකරනයට ලක්කිරීමට සූදානම් වන බවත් ස්වාධීන රටක එවන් කටයුත්තක් නොකළ යුතු බවත් ය.
ඉන්දියාව මෙරට ඓතිහාසික මිතුරෙක් වුවද වත්මන් රජය ඉන්දියානු සම්බන්ධය කළමනාකරණය කරන ආකාරය ඉතාමත්ම ගැටලු සහගත බව ද එමගින් රටේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වනු ඇති බවද හෙතෙම පෙන්වා දෙයි.
මෙම තත්වය මග හරවා ගැනීම සඳහා නව දේශපාලන හා ආර්ථික වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් එම වැඩපිළිවෙළ සමග විපක්ෂයේ සියලු පක්ෂ සමග පොදු වේදිකාවක් තනා රජය පරාජය කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇති බවත් ඔහු තවදුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...