ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් කිහිපදෙනකුට මරු කැඳවූ මෙනින්ගොකොකල් නමැති බැක්ටීරියාව ආසාදනය වූ රෝගියෙකු කොළඹට නුදුරු ජාඇළ ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
මෙම රෝගියා ජාඇළ ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහු රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය බලප්‍රදේශයේ ආයතනයක සේවය කරන්නෙකු බවට අනාවරණය වී ඇත.
එම පුද්ගලයාට ඇති වූ උණ තත්ත්වයක් හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත්ව ඇති අතර, එහිදී පරීක්ෂණ කිහිපයක් සිදුකර රෝගියාව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජේ. එම්. ගුණතිලක මහතා පවසයි.
එමෙන්ම මෙම පුද්ගලයා සේවය කළ ස්ථානයේ ආශ්‍රිතයන් 30කු පමණ පරීක්ෂා කර ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට පියවර ගත් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...