ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය එස්.ඩී.ජයරත්න මහතා ඊයේ (30) ප්‍රකාශ කළේ මෙරටට ප්‍රමිතියෙන් තොර බාල ඖෂධ ආනයනය කර ඇතැයි තමන් පිළිගන්නා බවයි.
ඔහු මාධ්‍යයට මේ අදහස් පළකළේ, අමෙරිකාවේ ඖෂධ හා ආහාර පිළිබඳ නියාමන අධිකාරිය විසින් මෙරට දී පවත්වනු ලැබූ වැඩමුළුවෙන් අනතුරුවයි.
එහිදී මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඖෂධ පිළිබඳ නියාමන අධිකාරියේ මහාචාර්ය එස්.ඩී.ජයරත්න මහතා,
“ඒ සෑම මරණයක් පිළිබඳව අපි පරික්ෂණයක් පවත්වනවා. ඒ ඖෂධ සියල්ලම අපි භාවිතයෙන් ඉවත් කළා. ඔබ දන්නවා ඇති එන්නතකින් ආසාත්මිකතාවයක් නිසා රෝගියෙක් මියගියා. දැන්නම නියම කරලා තියෙනවා එම ඖෂධය ඔස්ට්‍රේලියාවේ TG ආයතනයට යවන්න කියලා මේක පරික්ෂා කරලා බලන්න. දැනට මම තුනක් හතරක් වගේ ඉවත් කරලා තියෙනවා.”
ප්‍රශ්නය – චෝදනාවක් තියෙනවා ඉවත් කළාට ආයෙත් ඒ බෙහෙත් එන්න පුළුවන් කියලා?
ඖෂධ නියාමන අධිකාරියේ සභාපති – “එහෙම එන්න බැහැ. ඒ ආයතනය අසාදු ලේඛනගත කළා. ඉන්දියාවේ ආයතනය සම්පූර්ණයෙන් ආසාදු ලේඛනගත කරනවා.”
ප්‍රශ්නය – ඔබ පිළිගන්නවා බාල ඖෂධ ලංකාවය ඇවිල්ලා කියලා?
ඖෂධ නියාමන අධිකාරියේ සභාපති – ”සමහර බාල ඖෂධ ඇවිල්ලා තියෙනවා. උදාහරණයක් වශයෙන් අර ඇස්වලට ගෙනාපු බෙහෙත බාලයි. ඒක මම පිළිගන්නවා. අපි ඒක සම්පූර්ණයෙන්ම ඉවත් කළා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...