පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල කළ චෝදනාවෙන් අපහාසයක්වූ බව සඳහන් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් සමාජ සහ ආගමික කේන්ද්‍රයේ (CSR) විධායක අධ්යක්ෂ රොහාන් සිල්වා පියතුමාගෙන් රුපියල් කෝටි 5 ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා ඇති බව වාර්තා වේ.
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එරෙහිව එල්ල කළ චෝදනාව පදනම් විරහිත මෙන්ම තැති ගන්වනසුලු එකක් බවත් තමා එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් සලේ මහතා එම එන්තරවාසියෙන් දැනුම් දී ඇත.
මේජර් ජනරාල්වරයා මෙම එන්තරවාසිය යොමු කර ඇත්තේ නීතිඥ ලක්ෂිකා බක්මීවැව මහත්මිය මාර්ගයෙනි.
පාස්කු ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නම් පුද්ගලයා තමා මුණගැසී ඇති බවට පියතුමා එල්ල කරන චෝදනාවද මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් හෝ ඔහුගේ අනුගාමිකයෙකුට හෝ සංවිධානයකට ලද මූල්‍ය ආධාර හෝ සහාය දුන් බව කියැවෙන ප්‍රකාශ සියල්ලද ප්‍රතික්ෂේප කරන බව සලේ මහතා එම එන්තරවාසියෙන් ප්‍රකාශ කර ඇත.
පියතුමා සඳහන් කරන කාලයේදී තමා සිටියේ විදේශගතව වෙනත් රැකියාවක නිරතව බවද ඔහු දැනුම් දී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...