දේශීය පුවත්

මහ කන්නයේ වී වගා කටයුතු ඔක්තෝබර් 15 දින හෝ ඊට ආසන්න දිනයක් තුළ ආරම්භ කිරීමට සියලු අංශ එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ.

ඒ සඳහා ගොවීන් උනන්දු කළ යුතු යැයි කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාළ සියලු ම අංශ තීරණය කර ඇත.

2023/24 මහ කන්නය හා 2024 යල කන්නය තීරණාත්මක වගා කන්න දෙකක් වන බවත්, දැනට ක්‍රියාත්මකව පවතින එල් නිනෝ ක්‍රියාවලිය හේතුවෙන් මෙවර මහ කන්නයේ ඔක්තෝබර් හා නොවැම්බර් මාසවල විශාල වර්ෂාපතනයක් ලැබීමට හැකියාවත් ඇති බවත්, මීළඟ යල කන්නය නැවත වරක් වියළි කාලගුණික තත්ත්වයක් උද්ගත විය හැකි බවත් මෙරට මෙන්ම විදේශීය කාලගුණික අංශද අවධාරණය කර තිබේ.

එම නිසා වර්ෂාවෙන් ලැබෙන ජලය අපතේ යා නොදී මනාව කළමනාකරණය කර ගැනීමේ වැඩපිළිවෙළක් සියලු අංශවල දායකත්වයෙන් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද වගකිවයුතු අංශ පෙන්වා දෙති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More