දේශීය පුවත්

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසයි.

මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය භාර අමාත්‍යවරයාට හැකියාවක් නොමැති නම් ඔහු තනතුරෙහි රැඳීසිටීමෙන් ඵලක් නොවන බවත්, රට තුළ සිදුවන පාතාල ක්‍රියාකාරකම් පාලනය කිරීමට පියවර නොගතහොත් ටිරාන් අලස් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවත් ලලිත් එල්ලාවල මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“රටේ මනුස්සයෙකුට පාරට බැහැලා යන්න බයයි, කොයි වෙලේ, කොයි මොහොතේ කොයි තැන මැරෙන්න වෙයි ද දන්නේ නැති නිසා. ටිරාන් අලස්ට පැහැලිව කියනවා මාසයක් යන්න කලින් ඔබතුමාගේ නායකත්වය පාවිච්චි කරලා අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න පුළුවන් විශ්වාසනීය තැනකට රට ගේන්න ඕනේ. එහෙම බැරිනම් ඉල්ලා අස්වෙන්න ඕනේ. ඉල්ලා අස්වුණේ නැත්නම් අපි මේ වෙනකොටත් පසුවෙල මන්ත්‍රීවරු, පක්ෂ විපක්ෂ සියලුදෙනා සාකච්ඡා කරගෙන යනවා අනිවාර්යයෙන්ම විශ්වාසභංගයක් ගෙනල්ලා තනතුරෙන් අයින් කරනවා.”



One thought on “මහජන ආරක්ෂක ඇමැතිට එරෙහිව විශ්වාසභංගයක්?”

  1. Trai Alles could be removed Minster of National Security by current govt rule by SLPP and UNP leadership of that President of our Republic. Do you know Alles having political-economic connection with JVP +NPP leadership will affects to National Security of Island Republic. He could be removed as soon as possible by President of Country of UNP leader of Ranil Wickamsinghe

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More