පසුගිය වසරේ මාර්තු මාසයේ සිට මැයි මස 9 වනදා දක්වා රට තුළ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆිල්ට් වසන්ත කරන්නාගොඩ මහතාගේ සභාපතිත්වයෙන් පත්කළ කමිටුවේ වාර්තාවට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති අතර, මෙම කමිටුව සිදුකළ විමර්ශන වාර්තාව නීතිපතිවරයා වෙත පසුගියදා යොමු කර තිබිණි.
එම වාර්තාවෙන් නිර්දේශ කර ඇත්තේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුව මැදිහත් කරගෙන විමර්ශනයක් සිදු කරන ලෙසටය.
මේ පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ද පසුගියදා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වනු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...