රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පවරන ලද නඩුවකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා රැදී සිටි නිල නිවසෙන් ඉවත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් තීන්දුව යළි සලකා බලන මෙන් ඒ මහතාගේ නීතිඥවරු මෝසමක් මගින් කරුණු දක්වමින් ඉල්ලා සිටි අවස්ථාවේදී එම නඩුව සැප්තැම්බර් 19 දින යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත.
මානව හිමිකම් කොමිසම විසින් ලබාදුන් තීන්දුවකට අනුව මන්ත්‍රීවරයා අදාළ නිල නිවසේ රැඳී සිටි බවත්, නීත්‍යානුකූල නොවන ආකාරයෙන් රැදී නොසිටි බවත් මෙහිදී නිතිඥවරු පෙන්වා දී තිබේ.
ඒ අනුව ගරු අධිකරණය කරුණු සලකා බැලීම සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නොතීසි නිකුත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන වෙනුවෙන් නීතිඥ RAP රණවක, දිනේෂ් ගොඩගම ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිට ඇත.
චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙකු ලෙස කටයුතු කරන අතර දැනට රැදී සිටින නිවස සඳහා අදාල බදු කුලියද නිසි පරිදි ගෙවා ඇති බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...