ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළේය.
ඒ අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 361ක් ලෙසටය.
මේ අතර 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 42කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 417ක් ලෙසටය.
ලංකා සුදු ඩීසල් මිල රුපියල් 35කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 341ක් ලෙස සටහන් වෙයි.
ලංකා සුපිරි ඩීසල් මිල ද රුපියලකින් ඉහළ දැමීමට පියවර ගෙන ඇති අතර එහි නව මිල රුපියල් 359කි.
ලංකා භූමිතෙල් මිල රුපියල් 5කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 231ක් ලෙසටය.
මේ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිකර ඇති මිල ගණන්වලට අනුව IOC ඉන්ධන මිල ගණන් ද ඉහළ දැමෙනු ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...