මෙරට මුහුදේ ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ පරිසර හානියට වන්දි වශයෙන්, ඇමරිකානු ඩොලර් අටලක්ෂ හැත්තෑ අට දහසක මුදලක් ලබා දීමට, නැව රක්ෂණය කර තිබෙන රක්ෂණ සමාගම එකග වී ඇති අතර, එම මුදල භාර ගැනීමට ශ්‍රී ලංකා රජය සිය කැමැත්ත පළ කළාද යන්න පිළිබදව රජය වහා ප්‍රකාශයක් කළ යුතු බව, මීපා ආයතනයේ හිටපු ප්‍රධානී නීතීඥ දර්ශනී ළහඳපුර මහත්මිය පවසයි.
නැව අයත් රක්ෂණ සමාගම, නැව මුහුදුබත් වීම හේතුවෙන් සිදු වූ පරිසර හානියට වන්දි වශයෙන් ඇමරිකානු ඩොලර් අට ලක්ෂ හැත්තෑ අට දහසක් සහ ශ්‍රී ලංකා මුදලින් තවත් රුපියල් මිලියන 16 ක මුදලක් ලබා දීමට එකග වී ඇති බව, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පසුගිය දා පැවසීය.
ශ්‍රී ලංකා රජය වෙනුවෙන්, අදාල රක්ෂණ නියෝජිතයන් සමග සිංගප්පූරුවේ පැවැත් වූ සාකච්ඡා සදහා සහභාගී වූවේ නීතිපති සංජය රාජරත්නම මහතා බැවින්, ඔහු මේ පිළිබදව නිශ්චිත පැහැදිලි ප්‍රකාශයක් කළ යුතුව ඇති බව හිටපු මීපා සභාපතිනිය පවසයි.
නැව මුහුදුබත් වීමෙන් සිදු වූ පරිසර හානිය තක්සේරු කිරීම සදහා මීපා ආයතනයේ ප්‍රධානත්වයෙන් විද්වත් කමිටුවක් පත්කර තිබුණු අතර, එම කමිටුව කියා සිටියේ, අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 6.9 ක මුදලක් සිදු වූ පරිසර හානිය පූරණය කර ගැනීම සදහා නැව් සමාගමෙන් අයකර ගත යුතු බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...