13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ ක්‍රියාත්මක ඉඩම් හා පොලිස් බලතල හැරුණුකොට අනෙක් සියලුම බලතල පළාත් සභාවලට දියයුතු බවට ජනාධිපතිවරයා ප්රමුඛ රජයේ ස්ථාවරය වී තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
තමන් පළාත් මහ ඇමතිවරයකු ලෙස කටයුතු කළේද 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා බවත්, දැනටමත් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක බවත් ඇමැතිවරයා සඳහන් කරයි.
තමා හැමදාම හිටියේ පරිපාලන බලතල පළාත් සභාවට දියයුතුය යන ස්ථාවරයේ බව ද ඔහු පවසයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක “ඔබට ගෙයක් – රටට හෙටක්” නිවාස වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ නිවාස ලාභීන්ට සින්නක්කර ඔප්පු හා නිවාස ණය බෙදාදීමේ අවස්ථාවට එක්වෙමින් අද (1) ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...