ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් වන නිමල් සිරිපාල හා මහින්ද අමරවීර සමඟ මාධ්‍යයේ පෙනී සිටිමින් තමා සහ තම පක්ෂය ආණ්ඩුවේ කොටස් කරුවකු බව එළිපිටම ප්‍රකාශ කර තිබේ.
පක්ෂ නායකයා මෙසේ ආණ්ඩුවේ ඇමතිවරුන් සමඟ මාධ්‍යයේ එකට ඉඳ ගැනීමෙන් ශ්‍රීලනිප ද ආණ්ඩුවේ කොටස්කරුවකු බවට එළිපිටම ප්‍රදර්ශනය කිරීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා තදින් විරුද්ධ වී ඇති බව ද වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන විවිධ පාර්ශ්ව පෙන්වා දෙන්නේ මීළඟ මැතිවරණය ජයගැනීම සඳහා රනිල්ගේ හා පොහොට්ටුවේ ඡන්ද ප්‍රමාණවත් නොවන හෙයින් ආණ්ඩු විරෝධී බලවේග කඩා බිඳ දැමීමට ආණ්ඩුව ක්‍රමෝපායන් සොයන බවත්, සිරිසේන මහතාගේ මේ හැසිරීම එහි මුල් පියවර බවත්, දෙවනුව සජබය ද කඩාබිඳ දමන බවත් ය.
කෙසේ වුවත් සිරිසේන මහතා මේ සිදු කරන්නේ තව දුරටත් ශ්‍රීලනිප යේ ඉතිරි වී සිටින ප්‍රගතිශීලින් පාවාදීමක් බවද, තව දුරටත් සිරිසේන මහතා ඇතුළු පිරිස විපක්ෂයේ සිටින සැබෑ විපක්ෂයට අයත් නොවන බවද, එම පාර්ශ්ව පෙන්වා දෙති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...