පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඇතුළු මන්ත්‍රී පිරිසක් විසින් පිහිටුවීමට යන නව සන්ධානයේ මෙහෙයුම් කටයුතු සිදුකරගෙන යෑමේ නායකත්වය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පත්කර ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය අඟහරුවාදා පැවැති නව සන්ධාන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ඇමැති සුසිල් ප්‍රේමජයන්ත් මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතාගේ යෝජනා ස්ථිරත්වයෙන් මෙම පත්කිරීම සිදුවී තිබේ.
ඒ අනුව නව සන්ධානයේ පක්ෂ කටයුතු මෙහෙයවීම සහ තීරණාත්මක බලවේග සමග සාකච්ඡා කිරීමේ කටයුතු ද අනුර යාපා මන්ත්‍රීවරයාට පවරා ඇතැයි වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...