නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබදව මෙරට සිටින සියලුම විදේශිය මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ, අලි සබ්රි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පවත්වා තිබේ.
නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත පිළිබදව මහ කොමසාරිස්වරුන්, තානාපතිවරුන් සිය අදහස් හා යෝජනා මෙහිදී ඉදිරිපත් කර ඇති අතර, ඒ පිළිබදව ඔවුන්ට පවතින ගැටළු සදහා අලි සබ්රි අමාත්‍යවරයා, විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිළිතුරු ලබා දෙමින් කරුණු ඉදිරිපත් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...