උසස් පෙළ විභාගයේ (2022) ප්‍රතිඵල අද (04) සවස් වන විට නිකුත් කෙරෙනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ආරංචි මාර්ග පවසයි.
මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් අයදුම්කරුවෝ 278,196 ක් ද, පෞද්ගලික අයදුම්කරුවෝ 53,513 ක් ද පෙනී සිටියහ.
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ගුරුවරුන් 20,000කින් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් 1,100කින් සමන්විත කාර්ය මණ්ඩලයකින් සිදු කෙරිණි.
පසුගිය වර්ෂයට නියමිතව තිබූ මෙම විභාගය මෙම වර්ෂයේ ජනවාරි 23 වැනිදා සිට පෙබරවාරි 17 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 2,200කදී පැවැත්විණි.
මේ අතර මීළඟ උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනය වෙනස් කිරීමේ කිසිදු අපේක්ෂාවක් නොමැති බව අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...