පාකිස්‌තාන් මහා මැතිවරණයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වූ ඉම්රාන් ඛාන් ජය ලබා ඇත.
ඔහු හිටපු පාකිස්‌තාන් අගමැති ෂහිද් අබ්බායි පරාජය කරමින් ඉස්‌ලාමාබාද් 2 වැනි ආසනයෙන් ඡන්ද 92891 ක් ලබා ගත්තේය. පත්‍රය මුද්‍රණයට යන අවස්‌ථාව වන විට ලත් ඡන්ද ප්‍රතිඵලය වූයේ ඉම්රාන් ඛාන්ගේ පක්‌ෂයට ආසන 120 ක් හිටපු අගමැති නවාෂ් ෂරීගේ පී. එම්. එල්. පක්‌ෂයට ආසන 61 ක් ද හිටපු අගමැතිනි භූතෝaගේ පක්‌ෂයට ආසන 40 ක්‌ද වශයෙනි.
මෙවර මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළ සංඛ්‍යාව සියයට 50 ත් 55 ත් අතර බව පාකිස්‌තාන් මාධ්‍ය පවසයි. මෙම මැතිවරණයෙන් හිටපු අගමැති නවාෂ් ෂරීගේ පුත්‍රයාද ජය ලබා ඇත.
පාකිස්‌තාන් මැතිවරණයෙන් ජය ගැනීම සඳහා ආසන 137 ක් ජයග්‍රහණය කළ යුතුවේ.
නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් නොවුණත්, අද විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඛාන් පවසා සිටියේ තමන් දූෂණයෙන් තොර ශක්තිමත් ආර්ථිකයක් සහිත පාකිස්තානයක් ගොඩනැගීමට කැපවන බවයි.
පාකිස්තාන මැතිවරණ ඉතිහාසයේ වසර 71කින් පසුව එක් ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් අවසන් වීමෙන් පසුව, මැතිවරණයක් හරහා තවත් ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයක් වෙත බලය හුවමාරු වන දෙවැනි අවස්ථාව මෙය වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...