ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් දයාසිරි ජයසේකර මහතා ඉවත්කර ඇති බව වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කර ඇත්තේ, ඊයේ (05) රාත්‍රියේ ඉවත් කිරීමට අදාළ ලිපිය තමාට ලැබුණු බවය.
අදාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, දයාසිරි ජයසේකර මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවය.
ඒ අනුව ඉදිරි දින 14 ඇතුළත විනය කඩකිරීම සම්බන්ධයෙන් වන චෝදනා පත්‍රය එවීමට කටයුතු කරන බව ද පක්ෂ සභාපති, මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියේ වැඩිදුරටත් සඳහන්ය.
ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස එම පක්ෂයේ වැඩබලන ලේකම්වරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක මහතා පත්කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
SLFP that political party has dead and gone for ever, which is that Political Party lost all that their anti-UNP & anti-US struggle struggle was over . Current SLFP under leadership that Mathripal Siresen is puppet of that US + Indian -Power block .
Its ( SLFP) has her progressive role been ended since 2015 by form so-called “good Goverance ” and “Rule of Law’ joint handle with UNP leadership of Ranil Wichasinghe .It was puppet regime of that USA and Indian govt. came into being by blessing of CIA