සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
මෙම විශ්වාසභංගය ආණ්ඩුව විසින් පරාජය කළ හොත් ඒ සමඟම මේ රටේ ජනතාව ද පරාජයට පත් වන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභං යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් පැවසීය.
රටේ සෞඛ්‍ය අර්බුදයක් ඇති බව පිලිගෙන එයින් ගොඩ එන්න වැඩපිළිවෙළ සකසන ලෙස ඉල්ලා සිටින බව ද කී මන්ත්‍රීවරයා මෙරට සෞඛ්‍ය ක්ෂේත්රය කඩා වැටී නැතැයි කිසිවකුට කියන්නට හැකියාවක් නැතැයි ද සෞඛ්‍ය ක්ෂේත්රයේ කඩාවැටීම ගැන සාක්ෂි සහිතව ඔප්පු කර පෙන්වන්න සූදානම් බවද සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...