දේශීය පුවත්

තෝරාගත් විශේෂිත ක්ෂේත‍්‍ර කිහිපයක් සදහා අනු සංවිධාන ජාලයක් පිහිටුවීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ කටයුතු කරමින් සිටී. විශ්ව විද්‍යාල ආචාර්ය පෙරමුණක්, උපාධිධාරී පෙරමුණක්, ගොවි පෙරමුණක්, ධීවර පෙරමුණක්, ව්‍යාපාරික පෙරමුණක් සහ පෙර පාසල් ගුරු පෙරමුණක් ආදී වශයෙන් මෙම සංවිධාන ජාලය ස්ථාපිත කෙරේ.

ධීවර, ගොවි සහ උපාධිධාරී සංවිධාන ග‍්‍රාමීය මට්ටමේ සිට ජාතික මට්ටම දක්වා ගොඩනැංවෙන අතර ව්‍යාපාරික පෙරමුණු ජාලය නගර සහ පළාත් පාලන බලප‍්‍රදේශ මට්ටමිනුත්, විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය රාජ්‍ය විශ්ව විද්‍යාල සියල්ලෙහිම ශාඛා සහිත ජාතික සංවිධානයක් ලෙසත්, කඩිනම් වැඩපිළිවෙලක් ඔස්සේ ස්ථාපිත කිරීම පොදුජන පෙරමුණේ අපේක්ෂාවයි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් ස්ථාපිත කෙරෙණ මෙම සංවිධාන ජාලයට අදාළ සාකච්ඡා වට කිහිපයක් පසුගිය දිනවල දී පැවැත්විය.

මෙම සාකච්ඡාවල දී බැසිල් රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ මෙම අනු සංවිධාන සියල්ල මෙරට දේශපාලන පක්ෂයක් සතු විශාලතම අනු සංවිධාන ජාලය ලෙස ගොඩනංවන බවයි.

වත්මන් රජයේ අදූරදර්ශී පාලනය හේතුවෙන් සියලූ ක්ෂේත‍්‍රයන් තුළ සිදු වී ඇති දැවැන්ත පරිහානිය සහ කඩාවැටීම හේතුවෙන් සෑම ක්ෂේත‍්‍රයකින්ම බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ඉල්ලූමක් පොහොට්ටුවේ අනු සංවිධාන ජාලය වෙත ලැබෙමින් පවතින බව බැසිල් රාජපක්ෂ මහතා සදහන් කලේය.

විවිධ ක්ෂේත‍්‍රවලින් ලැබෙන ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එක් එක් ක්ෂේත‍්‍රයන්ට අනන්‍ය වන පරිදි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනු සංවිධාන ඉදිරියෙදී තවදුරටත් බිහිවීම සිදුවනු ඇත.

මෙම සමස්ත ව්‍යාපෘතිය ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ නායකත්වයෙන් පළාත් සභා මන්ත‍්‍රීවරුන් සහ පළාත් පාලන නියෝජිතයන්ගේ මෙහෙයවීම යටතේ ස්ථාපිත කිරීමට බැසිල් රාජපක්ෂ මහතා කටයුතු සූදානම් කර ඇත.

-සංජීව එදිරිමාන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More