රෆීඩ් අහ්මඩ් අල්-ජනාබි කියන්නෙ ජර්මනියෙ සරණාගතයෙකු ලෙස ජීවත් වුණු ඉරාක රසායන ඉංජිනේරුවෙක්. ඔහු තමයි සදාම් හුසේන් සමූලඝාතක රසායනික අවි නිපදවන බවට මුලින්ම ඇමරිකානු සහ ජර්මන් බලදාරීන්ට පවසන්නෙ. එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් සදාම් හුසේන්ට විනාඩි 45ක් ඇතුළත සමූලඝාතක ප්‍රහාරයක් එල්ල කළ හැකි බවට චෝදනා කෙරුණු කොලින් පවල්ගෙ කුප්‍රසිද්ධ දේශනයට අවශ්‍ය තොරතුරු ලැබෙන්නෙ ඔහුගෙන් (ඒ සමහර ඒව ඇත්තටම කොලින් පවල් අතින් දාපුව).
ඊට පස්සෙ ඉරාකෙට සිද්ද වුණේ මොකක්ද කියන එක ඉතිහාසයේ ලියැවිලා තියෙනවනෙ. හැබැයි මේ රෆීඩ් අහ්මඩ් අල්-ජනාබි 2011 දි (ඒ කියන්නෙ ඇමරිකානු හමුදා ඉරාකයෙන් ඉවත්වීම ඇරඹුනාටත් පසුව) විශේෂ හෙලිදරවුවක් කරනව. එහිදී ඔහු කියන්නෙ සදාම්ගෙ රසායනික අවි ගැන ඔහු කළ හෙලිදරවුව බොරු කියන එක.
පුළුවන් නම් චැනල් ෆෝ ටෙලි නාට්‍යය බලල ඉවර වුනාට පසුව The Man Who Lied the World Into War කියන වැඩසටහනත් බලන්න. ඒකෙ තියෙන්නෙ (මේ පහත ඡායාරූපයේ ඉන්න) රෆීඩ් අහ්මඩ් අල්-ජනාබි ගැන.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...