ජිනීවා මානව අයිතිවාසිකම් කොමිසමේ 54 වන සැසිවාරය සැප්තැම්බර් 11 වන සදුදා ආරම්භ විය.
එය ආරම්භ වූ මුල් දිනයේ දීම කොමසාරිස්වරියගේ ලංකාව පිළිබඳ වාර්තාවද ඉදිරිපත් කරනු ලැබීය. එම වාර්තාවත් සමගම ඒ සම්බන්ධයෙන් වන විවාදය පැවැත්වුණු අතර ශ්‍රී ලාංකාවේ රජය වෙනුවෙන් ජිනීවා නිත්‍ය නියෝජිතවරිය කරුණු දැක්වීම කළ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිලිගත් ලියාපදිංචි සමිතියක් වශයෙන් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් එංගලන්තයේ නීතිඥ ජයරාජ් පලිහවඩන හා ඊශ්‍රායලයේ ජනත් විමල විසින් කොමසාරිසවරියගේ කතාවට පිළිතුරු සපයමින් විවාදයට සහභාගි වූහ.
ඊට අමතරව සැසිවාරයේ සිදු කෙරෙන විවාද වලදී ගෝලීය ශ්‍රී ලාංකික සංසදය නියෝජනය කරමින් ස්විස්ටර්ලන්යේ රොශාන් වීරපුරගේ, ඇනීටා චරිතානි, ඉතාලියේ ලහිරු ප්‍රනාන්දු , සසන්ග ආයෙශ්මන්ත, යන අය ඉංග්‍රීසි භාශාවෙන්ද, ස්විස්ටර්ලන්තයේ හිරු මාකවිටගේ හා සදු මාකවිටගේ ප්‍රන්ශ භාශාවෙන්ද සැසිවාරය අමතනු ලැබීය.
මේ පිළිබඳව අදහස් දක්වන ගෝලීය ශ්‍රී ලාංකික සංසදය,
“2009 ට පෙර කාලයේ මානව අයිතිවාසිකම් කවුන්සිලයේදී ලංකාව ගැන කතා වුනේ ඉතාමත් අඩුවෙන්. ලංකාවේ අය ජිනීවා ගියේද ඉතාමත් කලාතුරකින්.
නමුත් 2009න් පස්සෙ අප දුටුවේ ලංකාවේ දිනාගන්න බැරි වුනු යුද්ධය දිනාගන්න, ඒ බෙදුම්වාදී අරමුනු මුදුන්පත් කරවා ගැනීම වෙනුවෙන් දෙමළ ඩයස්පෝරාවේ කණ්ඩායම් ජිනීවා වේදිකාවක් කරගෙන ලංකාවේ සිංහල ආණ්ඩු ලංකාවේ දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන බව කියන්නට පටන් ගත්ත. නමුත් ඔවුන් කවදාවත් කිව්වෙ නෑ ලංකාවේ ආණ්ඩු සිංහල ජනතාවගේත් අයිතිවාසිකම් උල්ලංඝනය කළ බව. මෙච්චර කාලයක් වෙන තුරුම කොම්සමත් ගිරව් කියන්නා වගේ ඒකම කියමින් සිටියා. ඒ නිසා අපිටත් යන්න වුනා ඒක එහෙමම නෙමෙයි කියන්න.
මෙවර වාර්තාව දිහා බලන කොට පෙනෙන්නට තිබෙන වෙනස නම් මෙවර වාර්තාව මගින් ලංකාවේ වර්තමාන තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු කර තිබීමයි. දෙමළ ජනතාවගේ පමණක් අයිතිවාසිකම් කඩවූ බවටම වූ සුපුරුදු පදමාලාව වෙනස් කරමින් මෙවර වාර්තාව මගින් සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවගේම අයිතිවාසිකම් ගැන වැඩියෙන් කතා කර තිබෙනවා.
එසේම රණවිරුවන්ට එරෙහිව ජාත්‍යන්තරව නඩු පැවරීම අරමුණු කරගෙන ඔවුන්ට එරෙහිව සාක්ෂි එකතු කිරීම සදහා ස්ථාපිත කළ ඒකකය දැනටමත් සාක්ෂි එකතු කරමින් සිටින බවත් ජාත්‍යන්තර නඩු පැවරීම් සද සාක්ෂි ඉල්ලමින් ඉල්ලීම් 10ක් එම ඒකකයට ලැබී තිබෙන බවත් කොමසාරිස්වරිය දක්වා තිබෙනවා. අවාසනාවකට මෙන් මේ තර්ජනයට මුහුණදීමට නම් ශ්‍රී ලාංකා රජය කිසිදු සූදානමක් තිබෙන බවක් නම් නැහැ. වඩාත්ම අවාසනාවන්ත කාරණය නම් එලෙස චෝදනා එල්ල වී සිටින යුද්ධය අවසන් කල එවකට සිටි හමුදා නිලධාරින්ට වත් ගැන උනන්දුවක් නැති වීමයි.
ලංකාවේ ජනතාව ගේ ආර්ථික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සදහා රජය ක්‍රියා කළ යුතු බවත් කියා තිබෙනවා. ඒ කියන්නේ ඇති වෙන්ට තෙල්, ගෑස් , පෝර මෙන්ම අඩු මිලට පාන් බිත්තර ආදිය දීම ගැනය. ඒ ගැන නම් කිසිම විවාදයක් නැහැ. ඒත් ඒ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට නම් ඩොලර් අවශ්‍යයි. ප්‍රශ්නය නං ඒවා දෙන්ට ඩොලර් නැතිකමයි.
මානව අයිතිවාසිකම් කොමිසම බරපතළ ප්‍රශ්න කතා කරන තැනක්. ඇතැම් විට ලෝකයේ කොහේවත් හරියට ක්‍රියාත්මක කර නැති තමන්ට ක්‍රියාත්මක වන්නට කිසිදු බලයක් නැති ආර්ථික අයිතිවාසිකම් ගැන, ඒවා ක්‍රියාත්මක කිරීමට රජයට බලකරන කාරණාද එහි තිබෙනවා. ඒත් ඒවා ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය ඩොලර් නම් එතනින් ලැබෙන්නේ නැහැ. ඒවා අපිම හොයා ගත යුතුයි. හොයාගත් පසු කොමිසම කියන විදියට වැඩ කරමු. එවිට අපේ සියලුම ප්‍රස්න විසදේවි. අපේ ප්‍රශ්න අපටම එකතූවී විසදාගන්න බැරි අපි මානව අයිතිවාසිකම් කොමිසම අපේ මානව අයිතිවාසිකම් ප්‍රශ්න විසදන මුවාවෙන් බෙදුම්වාදී ඩයස්පෝරාවේ අරමුණු ඉටුකරන තෙක්, අපි කට අයාගෙන බලා සිටිමුද?”
ගෝලීය ශ්‍රී ලාංකික සංසදය
ජිනීවා නුවර සිට.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...