සුදු කමිසයකින් සහ අඳුරු කලිසමකින් සැරසී ශ්‍රී ලංකාවේ දෙමළ බහුතරයක් වෙසෙන ප්‍රදේශවල ජනතාව සමඟ සමීපව ක්‍රියා කරමින් සිටින කාන්තාවක්, තමන් ඝාතනයට ලක් වූ එල්ටීටීඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ දියණිය වන ද්වාරකා බව කියාගත් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
මෙම කාන්තාව ප්‍රදේශවාසීන්ට කතා කරමින් පවසන්නේ තමන් ප්‍රභාකරන්ගේ දියණිය බවයි.
කෙසේ වෙතත්, ප්‍රදේශයේ සමහර දෙමළ ජනතාව ඇයව හඳුනාගෙන ඇත්තේ 2014 දී තමිල්නාඩුවට ගොඩ බැස ඇති දෙමළ සරණාගත කාන්තාවක් වන උදයකලා ලෙසයි. ඇයගේ සැමියා K. Dhayabararaj වන අතර දරුවන් තිදෙනා සමඟ තොටුපළක නීතිවිරෝධී සරණාගතයින් ලෙස ජීවත් වන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
කෙසේ වෙතත්, පසුව ප්‍රාන්තයේ ප්‍රාදේශීය පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙන දයාබරරාජ් තිරුචි විශේෂ කඳවුරේ රඳවාගෙන සිටින අතර උදයකලා සහ ඇගේ දරුවන් මණ්ඩපම් සරණාගත කඳවුරේ ලැගුම් ගෙන සිටි බවයි වාර්තා වන්නේ.
උදයකලා, දරුවන් ඇතුළු ඇගේ පවුලේ අය සමග සමීප කරන ලෙස බලධාරින්ගෙන් ඉල්ලා දින නියමයක් නොමැතිව වැඩ ර්ජනයක නිරත ඇති අතර, පසුව දයාබගරාජ් ඔවුන් සමඟ මණ්ඩපම් කඳවුරට ගෙන ගිය බව වාර්තා විය.
මහනුවර ප්‍රදේශයේ ද්‍රවිඩ ව්‍යාපාරිකයකු වන පෙරියකරුප්පන් පවසා ඇත්තේ මෙම කාන්තාව ප්‍රභාකරන්ගේ දියණිය ද්වාරකා බව මිනිසුන්ට පවසා ඇති බවයි. ඇය තමා ද්වාරකා යැයි කියමින් සර්ව මක්කල් ජනනායක කච්චි දේශපාලන පක්ෂයක් පවා ආරම්භ කළ බව ඔහු පවසා ඇත.
කෙසේ වෙතත්, එම ව්‍යාපාරිකයා කියා සිටියේ ද්වාරකා ඝාතනය වූයේ යුද්ධයේදී බවත් වීඩියෝවේ සිටින කාන්තාව ද්වාරකා ලෙස ව්‍යාජව පෙනී සිටින ඇය උදයකලාට බොහෝ සේ සමාන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...