දේශීය පුවත්

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෙහෙයුම් අයිතිය මිලදීගැනීම සඳහා ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය හමුවට මෙතෙක් කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නැති බව ඉන්දීය සිවිල් ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ජයන්ත් සිංහා ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය ලෝක් සභාවේ මන්ත්‍රීවරියක් මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සිවිල් ගුවන් සේවා රජ්‍ය අමාත්‍යවරයා මේ බව ලිඛිතව දැනුම් දී තිබේ.

ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවිය මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන් ඉන්දීය රජයේ ස්ථාවරය පිළිබඳව තොරතුරු වාර්තා කර තිබුණි.

මත්තල ගුවන් තොටුපොළ මෙහෙයුම් කටයුතු ඉන්දීය රජය යටතට පවරාගන්නේ දැයි පාලක භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පූනම් මහජන් මහත්මිය ලෝක් සභාවේදී (27) ප්‍රශ්න කර තිබේ.

ඊට පිළිතුරු වශයෙන් එරට සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ජයන්ත් සින්හා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය හමුවට මෙතෙක් එවන් යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවයි.

එසේම මත්තල ගුවන්තොටුපොළ භාවිත කරමින් පියාසර පාසලක් විවෘත කිරීමේ අපේක්ෂාවක් ඇත්දැයි යොමු කෙරුණ ප්‍රශ්නයටද පිළිතුරු දෙමින් සිංහා අමාත්‍යවරයා පවසා ඇත්තේ එවන් අදහසක් නොමැති බවයි.

කෙසේ වෙතත් ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉකුත් ජූලි 19 වැනිදා මෙරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මත්තල ගුවන් තොටුපොළේ මෙහෙයුම් පවරාදීම සම්බන්ධයෙන් ඉන්දීය ගුවන්තොටුපොළ අධිකාරිය සමඟ සාකච්ඡා කරමින් සිටින බව සඳහන් කළේය.

එසේම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද ඉකුත් කැබිනට් මාධ්‍ය හමුවේදී කියා සිටියේ මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට සහ හම්බන්තොට වරාය චීනයට ලබාදීමට අදාළ ගිවිසුම්වලට රජය එළැඹෙන්නේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් එල්ල විය හැකි අභියෝග සමනය කරගැනීමට බවයි.

මේ අතර රජයේ නිල පුවත් වෙබ් අඩවියද මත්තල ගුවන්තොටුපොළ මෙහෙයුම් කටයුතු පවරා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය රජයට කිසිදු යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බව තහවුරු කර සිටියි.

– adaderana



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More