දේශීය පුවත්

උතුරේ නිවාස හතළිස් දහසක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා වූ කොන්ත්‍රාත්තුව ඉන්දියාවට දෙන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වී තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා (26දා) රාත්‍රි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් අතර අදාළ නිවාස ව්‍යාපෘතිය පිළිබඳව පැවැති විශේෂ සාකච්ඡාවේදී එලෙස පොරොන්දු වූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා අනාවරණය කළේය.

උතුරේ ඉදිකිරීමට යෝජිත නිවාස 40,000ක ව්‍යාපෘතියේ එක් නිවෙසක් රුපියල් ලක්ෂ 22ක පමණ මුදලකට ඉදිකිරීමට ඉන්දියාවඉදිරිපත් වී ඇති අතර නිවෙසක් රුපියල් ලක්ෂ 12ක මුදලකට ඉදිකිරීමට චීනය යෝජනා කර ඇති අතර එම වාර්තා දෙක පසුගිය අඟහරුවාදා (24දා) පැවැති කැබිනට් මණ්ඩල සාකච්ඡාවට ද ඉදිරිපත් කොට ඇත.

ඒ නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන හා උතුර සංවර්ධනය සහ හින්දු කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා විසිනි. ඒත් එහිදී අඩු ලංසුවක් ඉදිරිපත් කළ චීනයට නිවාස ඉදිකිරීමේ අවස්ථාව දිය යුතු බවට ඇමැතිවරුන් පිරිසක් ප්‍රකාශ කර ඇත. ඒත් තවත් ඇමැතිවරු පිරිසකගේ අදහස වී ඇත්තේ එය ඉන්දියාවට දිය යුතු බවකි. ඒ අනුව කැබිනට් මණ්ඩලයේදී තීරණයකින් තොරව එම යෝජනාව පිළිබඳ සාකච්ඡා කිරීම එදින අවසන් වී ඇත.

ඒ චීනය හා ඉන්දියාව සමඟ සාකච්ඡා කොට ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලය දැනුවත් කරන බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කිරීමත් සමඟ බව කැබිනට් මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කළේය.

-Mawbima



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More