දේශීය පුවත්

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා හට ත්‍රිකුණාමලයේ සර්ධාපුර ප්‍රදේශයේදී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් යාපන සිවිල් ජනතා සංවිධානයේ කැඳවුම්කරු මාධ්‍ය වෙත අදහස් දක්වා තිබෙනවා.
එහිදී ඔහු පෙන්වා දෙන්නේ තිලීපන් යනු ම්ලේච්ඡ ලෙස දෙමළ ජනයා ඝාතනයට පෞද්ගලිකවම නායකත්වය දුන් පුද්ගලයෙකු මිස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසන ආකාරයේ අහිංසකයෙකු නොවන බවයි. එලෙසම ඔහු වදමාරච්චි ප්‍රදේශයේදී ගුවන් ප්‍රහාරයකින් බරපතල ලෙස තුවාල ලබා ජීවිතය අහිමි වීමට සිටි පුද්ගලයෙකු බවත් ඇතැමුන් පවසන ලෙස ඔහු උපවාස කිරීම හේතුවෙන් මිය ගිය අයෙකු නොවන බවයි.

ඒ අනුව අරූන් පෙන්වා දෙන්නේ ම්ලේච්ඡ ත්‍රස්තවාදියෙකු සැමරීම හේතුවෙන් සාමකාමී දෙමළ ජනයාට ඇති වන වේදනාව මේ ආකාරයෙන් පිට වීම සාධරණ බවයි.

සම්පූර්ණ වීඩියෝව

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More