අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් පිරිසක් විසින් වෙඩිතබා පළාගොස් තිබේ.
ඊයේ (17) රාත්‍රී 10.35 පමණ මන්ත්‍රීවරයාගේ නිවස ඉදිරිපිටදී මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව සඳහන්ය.
මන්ත්‍රීවරයා කිසියම් කටයුත්තක් සඳහා නිවසින් බැහැරට ගොස් යළි නිවස වෙත පැමිණි අවස්ථාවේ දී එම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබේ.
කෙසේ වෙතත් වෙඩි තැබීමෙන් මන්ත්‍රීවරයාට හෝ වෙනත් කිසිවකුටත් අනතුරක්වී නැතැයි පොලීසිය සඳහන් කරයි.
මන්ත්‍රීවරයා නිවෙසට පැමිණෙමින් සිටියදී කාර් රථයකින් පැමිණි පිරිසක් ඔහුගේ මෝටර් රියට මෙසේ වෙඩි කිහිපයක් තබා පලා ගොස් ඇති බව පැවසේ.
මෙම සිද්ධියට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී ඇති අතර, නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කර ඇත්තේ පොලිස්පතිතුමාගේ නියෝග අනුව එම තීරණය ගෙන ඇති බවය.
මේ සම්බන්ධයෙන් අනුරාධපුර දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ අනුරාධපුර මුලස්ථාන පොලීසිය, කොට්ඨාස අපරාධන විමර්ශන අංශය ඇතුළු කණ්ඩායම් කිහිපයක් විමර්ශන කටයුතු සිදුකරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...