ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ස්වාධීන වූ 16 කණ්ඩායම නව පක්ෂයක් පිහිටුවීමට තීරණය කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් ජාතික පුවත්පතක් වෙත අනාවරණය කර තිබේ.
යම් හෙයකින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉදිරියේදී ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පැමිණෙන පිරිසක් රඳවා ගැනීම සඳහා මෙම පක්ෂය පිහිටුවීමට තීරණය කර ඇති බවද ඔහු පවසා ඇත.
ඒ සඳහා පසුගිය කාලයේ වඩාත් ප්‍රසිද්ධියට පත් මන්දිරයක් හිමි ව්‍යාපාරිකයෙකුට අයත් පක්ෂයක් මිලදී ගැනීම සඳහා 16 කණ්ඩායම සාකච්ඡා කරමින් සිටින බව ද වාර්තා වේ.
එසේ පිහිටුවන පක්ෂය ඉදිරියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානගත වීමට නියමිත ඇතැයි සදහන් වන අතර තවත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ඒ.එස්.පී ලියනගේ විසින් ඇරඹූ ශ්‍රී ලංකා කම්කරු පක්ෂය 16 කණ්ඩායම විසින් මෙලෙස මිලට ගනු ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...