දේශීය පුවත්

දෙමළ ජනතාවගේ ප‍්‍රශ්ණ විසඳිමට නව ව්‍යවස්ථාවක් මගින් සහය ලබා දෙන ලෙස තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කළ බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ තී‍්‍රකුණාමලයේ පැවැති උත්සවයකට එක්වෙමිනි.

ඉකුත් දා පැවැති උත්සවයක් අතරතුර ද හිටපු ජනාධිපතිවරයා හමුවී මේ පිළිබඳ සඳහන් කළ බව පැවසූ විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා සිය ධූරකාලයේදි දෙමළ ජනතාවගේ ගැටලූවලට විසඳුම් ලබා දීමට කැමැත්ත ප‍්‍රකාශ කළද එය කි‍්‍රයාත්මක කිරීමට නොහැකිවූ බව හිටපු ජනාධිපතිවරයා තමන්ට පැවසූ බවද මෙහිදි සඳහන් කළේය.

පැරණි මතගැටුම් අමතක කර නව ව්‍යවස්ථාවක් හරහා එම ජනතාවගේ ගැටලූ විසදීමට උත්සහ ගත යුතු බව තමන් එහිදී සඳහන් කළ බවත් ඒ සඳහා හිටපු ජනාධිපතිවරයාගේ සහය තමන් අපේක්ෂා කරන බවත් විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More