දුටුගැමුණු රජුගෙන් පසුව අපව ආරක්‍ෂා කර ගත්තේත්, අප ජීවත් වන්නේත් රට ජාතිය ආගම ආරක්‍ෂා කළ අයෝමය පුරුෂයා මහින්ද රාජපක්ෂ මහතා බව මාතර දෙවිනුවර පරම විචිත්රාරාම රජමහා විහාරාධිපති කළ්‍යානවංශික මහා නිකායේ අනුනායක ආචාර්ය අති පූජ්‍ය දෙවිනුවර සිරි සුනන්ද නාහිමියෝ පවසති.
මාතර දෙවිනුවර පරම විචිත්රාරාම රජමහා විහාරස්ථානය වෙත පසුගිය(27) පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථමයෙන්ම විහාරාධිපති , කල්‍යාණ වංශික මහා නිකායේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය දෙවිනුවර සිරි සුනන්ද නාහිමියන් බැහැ දුටු අවස්ථාවේදී අනුශාසනාවක් කරමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළේය.
අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා උත්පලවණ්ණා ශ්‍රි විෂ්ණු දේවාලයේ 761 වන රන්දෝලි පෙරහැරේ සමාරම්භක අවස්ථාවටද එක් විය. එහිදි අලුත්ගම කන්දේ විහාරයේ රාජා හස්තියා මත කරඬුව තැන්පත් කිරිම සිදුකෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න මහතා විසිනි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...